ගංගා ජලයෙන් සියයට 43ක් මහ මුහුදට | Page 12 | සිළුමිණ

ගංගා ජලයෙන් සියයට 43ක් මහ මුහුදට

අපේ රටේ ගංගා ද්‍රෝණිවලින් ගලා එන ජලයෙන් සියයට 43ක් කිසිම වැඩක් නොගෙන මහ මුහුදට ගලා යන බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ජල කළමනාකරණ හා කෘෂිකාර්මික ජාතික උපදේශක ආචාර්ය පී. බී. ධර්මසේන මහතා පවසයි.

මෙරට සියලු ගංගා ද්‍රෝණිවලින් වසරකට ජලය ඝනමීටර් බිලියන 56ක් කිසිම වැඩක් නොගෙන මහ මුහුදට යන බවත් ඒ ජලය සුරැකීමට ගංගාවල ඉහළ මහ ජලාශ ඉදිකළොත් ජල ගැලීම් අඩුවන බවක් ලෝක සෞඛ්‍ය හා කෘෂිකර්ම සංවිධානයේ උපදේශක ආචාර්ය පී. බී. ධර්මසේන මහතා පවසයි.

මේ අනුව කැලණි ග‍ඟේ ජලයෙන් සියයට 77ක්ද කැලණි ග‍ඟේ ජලයෙන් සියයට 62ක්ද වළවේ ග‍ඟේ ජලයෙන් සියයට 62ක්ද කිසිම වැඩක් නොගෙන මහ මුහුදට යයි. කෙසේ වුවත් මෙලෙස කිසිම වැඩක් නොගෙන වැඩිම ජල ධාරිතාවක් මහ මුහුදට යන්නේ මහවැලි ග‍ඟෙහි ඒ ප්‍රමාණයට ඝන මීටර් මිලියන 11016 කි. මීට අමතරව දැදුරුඔයේ සම්පූර්ණ ජල ධාරිතාවෙන් සියයට 34ක්ද කිසිම වැඩක් නොගෙන අපතේ යන බව ආචාර්ය ධර්මසේන මහතා අවධාරණය කරයි. 

 

Comments