රවිඳු කොඩිතුවක්කු ශා. තෝමස් වැඩිම ලකුණුලාභියා | Page 4 | සිළුමිණ

රවිඳු කොඩිතුවක්කු ශා. තෝමස් වැඩිම ලකුණුලාභියා

මෙවර තරගාවලියේ හොඳ ලකුණු සංඛ්‍යාවකට යන්න පුළුවන් වුණා. පුහුණුකරුවන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණා. මේ තරගවාරයේ ලකුණු 850 කට ආසන්න ගණනක් රැස් කළා.

වැඩිම ලකුණු සංඛ්‍යාව 119 රැස් කළේ ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයට. ශතකයක් එක්ක අර්ධ ශතක පහක් රැස් කරලා තියෙනවා.

පොඩි කාලේ ඉඳලම ක්‍රිකට් ක්‍රීඩාව ගැන ආසාවක් ඇති වුණා. ඊඍ එකේ එහෙම මැච් බලනකොට මේ ආසාව වැඩි වුණා. කණ්ඩායමට ක්‍රීඩා කරන තුන්වැනි වසර. මේ අවුරුදු තුනේදීම මහා තරගයට ක්‍රීඩා කළා.

මුලින්ම අධ්‍යාපනය හැදෑරුවේ වේල්ස් කුමර විද්‍යාලයෙන්. ක්‍රිකට් නිසා තමයි ශාන්ත තෝමස් විද්‍යාලයට ආවේ.

අපිට අලුත් ටීම් එකක් ඉන්නේ. අපි හොඳ පුහුණුවකින්, හොඳ මානසිකත්වයකින් මහා තරගයට ඉදිරිපත් වෙනවා.

Comments