
උදයසිරි වික්‍රමරත්නගේ අලුත්ම වේදිකා නාට්‍ය ‘361‘ යි. මෙම නාට්‍යයට ඇතුළත් දෙබසකින්ම මේ කතාව ඇරඹීම සුදුසු ය. නාට්‍යට පසුබිම් වන්නේ රූපවාහිනීී නාලිකා මඟින් දිනපතා විකාශය කෙරෙන දේශපාලන සංවාද ආකෘතියයි. මාධ්‍ය නිදහස නොව මාධ්‍යයෙන් නිදහස ලබාගැනීමේ අරගලය ‘361‘ට තේමා කර ගනී.
නිවේදිකාව; දැන් මේ ප්‍රශ්නය සරල තැනකට ගේමු. විවාහය පිළිබඳ අප බොහෝ දේ විස්තර කළා. දැං මංගල නැකත් තිබෙනවා. මං අහන්නෙ මංගල නැකත් ගැන නෙමෙයි. අපි සරල ප්‍රශනයකින් මේ බැරෑරුම් මාතෘකාවට පිවිසෙමු. ඇයි ගැහැනු මිනිස්සු විවාහ වෙන්නෙ. හේතුව මොකක්ද?
මැතිතිතුමා (දේශපාලකයා) ; උපදෙස් දෙන්නයි, උපදෙස් ගන්නයි.
නිවේදිකාව; මට තේරුෙණ් නැහැ.
මැතිතුමා; ඒක පෙනෙව.
නිවේදිකාව; නෑ මං හිතන්නෙ ඔබ තුමාට තේරුෙණ් නැහැ. ආයෙත් මං ප්‍රශ්නය අහන්නම්, ඇයි මිනිස්සු විවාහ වෙන්නෙ?
මැතිතුමා; මං යළිත් උත්තර දෙන්නම්. උපදෙස් ගන්නයි, උපදෙස් දෙන්නයි.
නිවේදිකාව; මේ වගේ කතාවක් මං අහන්නෙ පළවෙනි වතාවට.
මැතිතුමා; මං කියන්නෙත් පළවෙනි වතාවට.
නිවේදිකාව; ඔව් ඔබට දැන් අසන්නට ලැබෙන්නෙ කිසිම චැනල් එකකින් අහන්න නොලැබුණ කතාවක්. ඔව් ඔබ පළමු වරට මේ කතාව අහන්නෙ අපේ චැනල් එකෙන්.
‘රට ගොඩනඟන කටයුත්තේ සිට ජීවිතයේ හරය දකින්නට පවා ජනතාව අද රූපවාහිනිය කරන මඟ පෙන්වීමට පුරුදු වෙලා. එහෙත් මේ රූපවාහිනී නාලිකා උදේ සිට රෑ වෙන තුරු විකාශය කරන කිසිම දේක හරයක් නැති බව ජනතාවට වැටහෙන්නෙ නැහැ. මේ විද්යුත්් මාධ්‍ය කියන්නෙ ඒ අය ඉදිරිපත් කරන දේ ආශ්චර්යයක් කියල. වටිනාම දේ තමයි ඒ අය ජනතාවට දෙන්නෙ කියල. ඒත් මා කියන්නෙ නාට්‍ය දෙන දේ ඊට වඩා ඉහළයි. සජීවීයි. අවංකයි. රූපවාහිනි මාධ්‍ය මේ කරන සෙල්ලම සමාජයම විනාශ කරන්නක් බව එක විට පහදන්නට අමාරුයි. විග්‍රහයක් කරන්න අමාරුයි. ඒත් ඒ බොරුව නාට්‍යයක් විදියට ඉදිරිපත් කරන්න පුළුවන්. අපි 361 වේදිකාවට ගෙනාවෙ ඒ ඇත්ත රටට පහදන්න.‘උදයසිරි වික්‍රමරත්න පවසයි.
අධ්‍යාපනයේ නිදහස ගැන අප දැන් දශක හතකට වැඩි කාලයක් තිස්සේ කතා කළ ද නිදහසේ ඉගෙන ගත යුතු පාඩම හෝ පාඨමාලාව හෝ ගැන අදටත් හරි වැටහීමක් නැත. මාධ්‍ය නිදහස ගැන කතා කළ ද ඒ නිදහස අවශ්‍ය ඇයි? ඒ නිදහස යොදා ගෙන රටට දිය යුතු දේ ගැන හරි අවබෝධයක් තිබේද? 1994 ට පසු හතු පිපෙන්නාක් මෙන් විද්යුත් මාධ්‍යවලට දොර ඇරුණත් මාධ්‍ය මඟින් ජනතාව වෙනුවෙන් කරන දැනුම්වත් කිරීම ඉහත සංවාද කණ්ඩයට වඩා වෙනසක් නැත. මුදල් ලාබය පසුපසම යන මේ මාධ්‍ය, මාධ්‍ය සඳහාම මිස ජනතාව සඳහා නම් නොවේ. මේ මාධ්‍ය භාවිතය මීට කලකට පෙර අප‘එෆ්එම්ටීවී කරණය‘ ලෙස නම් කරනු ලැබීය. අද මුද්‍රිත මාධ්‍ය පවා මේ ‘එෆ්එම්ටීවීකරණය‘ පසුපසින් වැටී දුවන්නන් වාලේ දුවනවා මිස හරවත් මාධ්‍ය මෙහෙවරකට දායකත්වයක් දෙන්නේ නැත. දේශපාලනඥයන් මේ බව හොඳින් දැන සිටී. ඔවුන් ජනතාව මෙන්ම මාධ්‍ය භාවිතය ද බියක් සැකක් නැතිව ගොනාට අන්දවන්නේ මාධ්‍ය භාවිතයේ මේ බංකොලොත් ස්වරූපය ගැන දන්නා බැවිනි. 361 නාට්‍යයේ එන දැන්වීමක දෙබස් තවත් ඛණ්ඩයක් මෙසේය. සබන් ගැන කියවෙන මෙම දැන්වීමට රූපවාහිනි සංවාදයක නිරත දේශපාලනඥයන් හතරදෙනෙක් යොදා ගෙන ඇත.
1 වැනි දේශපාලනඥයා; ඕලෙවලුත් නැහැ, පුලුවනිනම් ඒලෙවල් සහතිකේ ගෙනල්ල පෙන්නන්න.
2 වැනි දේශපානඥයා; මගෙන් ඒලෙවල් සහතිකේ අහනව, මං කියනව පුළුවන්නම් විවාහ සහතිකේ ගෙනත් පෙන්නන්න කියල. හඳපානෙ පැනල ආවෙ. කසාද සහතිකේ රබර් ගහක් යට.
3 වැනි දේශපාලනඥයා: (බනිස් ගෙඩියක් අතට ගෙන පෙන්වමින්) බනිස් ..... බනිස් කන්නෙ නැහැ. කොමිස් කාලම බඩ පිරිල.
4 වැනි දේශපාලනඥයා. සඳරත්ත මහත්තයගෙන් මං අහන්නෙ, අතේ සතේ නැතිව දේශපාලනේට ආව ඔබ තුමා හඳේ හාවො ඇති කරන්න තරන් සල්ලි හොයා ගත්තෙ කොහොමද?
නිවේදිකාව; ගහන්න ගහන්න මඩ සෝදයි ක්ලීන් වයිට් සබන්.
(දේශපාලනඥයන් හතර දෙනා නිවේදිකාව වටා එතෙමින් සාක්කුවලින් සුදෝ සුදු ලේන්සු හතරක් ගෙන වනමින්, ලිංග භේදයක් නැති අය මෙන් වචන උච්චාරණය කරමින්) අපි දැන් රජ කමටත් සුදුසුයි.
බංකොලොත් මාධ්‍ය තම වාසියට ගන්නා දේශපාලකයන්ගේ තරම ද මෙම දෙබස්වලින් ගම්‍ය වෙයි.
‘අපි පුරුදු වෙලා ඉන්නෙ, එහෙමත් නැතිනම් මේ රූපවාහිනී චැනල් අපට පුරුදු කරල තියෙන්නෙ, දේශපාලකයන් පිස්සු නටනව වගකීමක් නැතිව කියල හිතන්න. සෑම ආණ්ඩුවකම ‘මර්වින්ල‘ ඉදිරියට දාගෙන මේ චැනල් ඒකයි කරන්නෙ. ඒත් ඇත්තටම බලපුවහම මේ චැනල් තමයි රටම පිස්සු වට්ටටන්නෙ. වැරදි මඟපෙන්වීම් කරන්නෙ. අර දේශපාලනඥයින්ට නම් ඊළඟ ඡන්දෙන් හරි පාඩමක් උගන්වන්න ජනතාවට අවස්ථාව ලැබුණයි කියමුකො. ඒත් මේ චැනල්වලට පාඩම උගන්වන්නෙ කුවුද? මේ මාධ්‍ය භාවිතයෙන් රට අස්ථාවර කළත්, මොන කලබැගෑනියක් ඇති කළත් මාධ්‍ය එතැනින් අයින් කරන්න ක්‍රමයක් නැහැ. දේශපාලකයො තමයි මේ සමාජයේ බෙදීම් හැදුවෙ තමන්ගෙ වාසියට, පක්ෂ දේශපාලනයක් එක්ක. ඊටත් වඩා බෙදීමක් මේ රූපවාහිණී මඟින් අද සිද්ධ වෙනව. එදා අපේ ගම්වල අය අල්ලපු ගෙදර අය සමඟ, පාරෙතොටේ මුණගැහෙන අය සමඟ සුහදව කතා බහ කරන සිරිතක් තිබුණ. ඒ කතාබහෙන් තමයි සමාජයේ ඉදිරි ගමනට අවශ්‍ය කරන හැබෑ සංවාදය හට ගත්තෙ. දැන් ඒ වෙනුවට කතාබහ කරන්නෙ රූපවාහිනී සංවාද සමඟ. හාන්සිපුටුවට වෙලා රූපවාහිනී සංවාදයට කතා කරල තමයි රට වෙනස් කරන්න හදන්නෙ. මේ හින්ද අද ගෙදර අය සමඟවත් සංවාදයක් නැති තරමට අපේ සමාජය බෙදිල හුදෙකලා වෙලා.‘ යැයි උදයසිරි වික්‍රමරත්න පවසයි.
උදයසිරි වික්‍රමරත්න තම ‘සුද්දෙක් ඔබ අමතයි‘ වේදිකා නාට්‍ය මඟින් දේශපාලන වේදිකාවේ කතා නිසරු වී ගිය සැටි එම වේදිකා කතා ආකෘතියම භාවිත කරමින් රසිකයාට පෙන්වා දුන්නේය. ‘361‘ මඟින් ඔහු පිරිහී ගිය රූපවාහිනී සංවාදය ගැන, එහි ආකෘතියම ගෙන රසිකයා වෙත පැහැදිලි කරයි. මෙම කරුණු දැක්වීමට අනුව මාධ්‍ය මඟින් හෝ මාධ්‍ය ඉඩ පුරවන විචාර මඟින් හෝ මේ නාට්‍ය ආකෘතිය වැරදියි හෝ එවැනි පහර දීමකට හෝ නොයාවිද යනුවෙන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දුන් උදයසිරි වික්‍රමරත්න කියා සිටියේ, එදා කෝලම් නාට්‍ය කලාවේදී මුදලි තුමා හෝ එවැනි චරිතයක් කෝලමක් බවට පත් වුණාට කෝලම් නාට්‍ය කෝලමක් නොවුණ බවයි. දේශපාලකයන් වේදිකාවල කරන කතා කෝලමක් වූ පරිදි අද මේ මාධ්‍ය භාවිතයත් කෝලමක් වී ඇති බව ඔහු සඳහන් කරයි. මේ ‘361‘ ට ඇතුළත් තවත් දෙබස් කණ්ඩයකි.
නිවේදිකාව; දැන් අපට පෙනී යනවා අපේ මේ සාකච්ඡාවට විශාල ප්‍රතිචාර ලැබෙමින් පවතිනව. මෙපමණ ප්‍රතිචාර ලැබෙන හේතුව මොකක් කියලද ඔබ හිතන්නෙ?
මැතිතුමා; මිනිස්සුන්ට වෙන කරන්න වැඩක් නැති එක.
නිවේදිකාව; ඔබ තුමා වගකීමෙන්ද කියන්නෙ?
මැතිතුමා; ඉතා වගකීමෙන් කියන්නෙ.
නිවේදිකාව; මං වගකීමෙන් ද කියල අහන්නෙ ඔබතුමා මේ මගින් කරන්නෙ ආණ්ඩුවට හරි, විපක්ෂයට හරි, මුදල් ඇමති තුමාට හරි, විශ්වාස භංගයක් ගේන එක ගැන නෙමෙයි. මේ රටේ සමස්ථ ජනතාවට එරෙහිව විශ්වාස භංගයක් ගේන එක. අපේ රටේ ඉන්නෙ කරන්න වැඩක් නැති අය කියලා ඔබතුමා කියනවද?
මැතිතුමා; මං එහෙම කියන්නෙ නැහැ.
නිවේදිකාව; ඒ ඇයි?
මැතිතුමා; ආණ්ඩුවට විරුද්ධ වුණත් ජනතාවට විරුද්ධ වෙන එක භයානකයි.
නිවේදිකාව; ඔබ තුමාට පැහැදිලි කරන්න පුළුවන්ද ඒ ඇයි කියල.
මැතිතුමා; ආණ්ඩුවෙන් බේරුණත් ජනතාවගෙන් බේරෙන එක ඉතාම අමරුයි.
නිවේදිකාව; එහෙම වෙන්නෙ කොහොමද?
මැතිතුමා; මහජනතාව කියන්නෙ නාහෙට අහන්නෙ නැති පිරිසක්. ඇත්තටම ආණ්ඩුවට වඩා ජනතාව ඒකාධිපතියි. ආණ්ඩුවට වඩා ජනතාව වියරුයි. ආණ්ඩුවට වඩා ජනතාවට පිස්සු.
නිවේදිකාව; ඉතිං එතකොට ඔබතුමා මොකද කියන්නෙ?
මැතිතුමා; ඒක නිසා මං ජනතාවට විරුද්ධ වෙන්නෙ නැහැ. ආණ්ඩුව වගේ නෙමෙයි මේ රටේ ජනතාව තරහ කර ගත්තොත් මේ රටේ ඉන්ඩ වෙන්නෙ නැහැ. ඒ නිසා මං ආණ්ඩුවට බනින්න බය නැහැ හැබැයි ජනතාවට බනින්න බයයි.
නිවේදිකාව; ඒ කියන්නෙ ඔබ තුමත් අපේ ටීවී චැනල් එක වගේමයි.
අද දේශපාලකයන් කරන්නෙ ටෙලි නාට්‍යවල දකින රඟපෑම් වලටත් වඩා හොඳ රඟපෑමක් බැවින් රූපවාහිනී චැනල් තම පැවත්ම සඳහා එම රඟපෑම් ගෙන එන බව උදයසිරි වික්‍රමරත්ත සඳහන් කරයි. ‘චිත්‍රපටයක් ගත් විට දුෂ්ඨයෙක් හා වීරයෙක් ඉන්නව. එම වීරයා මෙන්ම දුෂ්ටයා පිළිගන්නෙ එකම කණ්ඩායමක්. එහෙත් මේ රූපවාහිනී සංවාදවල එක කණ්ඩායමකට වීරයා වෙන අය තමයි තවත් කණ්ඩායමකට දුෂ්ටයා වෙන්නෙ. ඒ කියන්නෙ චිත්‍රපටය සමාජය එකට තබා ගන්නා නමුත් රූපවාහිනිය සමාජය එක එක අතට බෙදනව. එකිනෙකා දරන අන්තවාදය තහවුරු කරනව. ඒකයි මං කියන්නෙ මේ මාධ්‍ය භාවිතයට වඩා සමාජය වෙනුවෙන් කලා කෘතියකින්, චිත්‍රපටයකින්, නාට්‍යයකින් වෙන මෙහෙවර අද විශාලයි. අද මාධ්‍යවලට කලාවත්, දේශපාලනයක් වෙළෙඳ භාණ්ඩ පමණයි. සත්‍යයේ අයිතිය චේතිය රජවරුන්ට පවරා දුන් මාධ්‍ය නිදහස වෙනුවෙන් නොව මේ නාට්‍ය මාධ්‍යයෙන් ජනතාව බේරා ගැනීමට යි. ‘යනුවෙන් ඔහු පවසයි.
‘361‘ සංගීත, නැටුම් සියල්ලෙන් සමන්විත සෞන්දර්යාත්මක නාට්‍යයකි. ගිහාන් ප්‍රනාන්දු, උමයංගනා වික්‍රමසිංහ ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් රඟපාන ‘361‘ සංගීතය ලලිත් වික්‍රමරත්න ගෙනි.
ලක්ෂ්මන් පියසේන