දිළිඳුකම පිටුදැකීමට නිෂ්පාදන ආර්ථිකය පෙරට ගන්නා ග්‍රාම ශක්ති ජනතා සමාගම් 5000ක් පිහිටුවීමට රජය පියවර ගනී. එයින් සමාගම් 1000ක් වෙනුවෙන් රුපියල් කෝටි 600ක් 2018 අයවැයෙන් වෙන් කෙරේ.
එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයකින් ග්‍රාමසේවා වසම් 3ක මෙම ජනතා සමාගම් පිහිටුවන අතර දිළිඳුම ගමක් ද ඊට ඇතුළත් වෙයි. එක් ගමක ජනතා සමාගමක් වෙනුවෙන් රජය ආයෝජනය කරන මුදල රුපියල් මිලියන 8ක් පමණ වේ. මෙය එක් පුද්ගලයකු වෙනුවෙන් රුපියල් 8000ක් ලෙස ගණන් බලන රාජ්‍ය ආයෝජනයකි.