අභියාචනාධිකරණ නව සභාපති ලෙසට අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා අද(28) දිවුරුම් දුන්නේය.ඒ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධූරය පත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ නිර්දේශය ව්‍යවස්ථාදායක සභාවේ ඒකමතික අනුමැතිය ලැබීමෙන් පසු මෙලෙස අද දින ජනාධිපති නිල නිවසේදී සිදු විය.ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.