දෙස්, විදෙස් සුපතල පිටිගල තේ කර්මාන්ත ශාලා සමූහයේ නිර්මාතෘ දිවංගත ඩී. ඩබ්ලිව්. අතුකෝරල දොළොස් වැනි ගුණ සැමරුම් පිංකම් මාලාව සහ අතුකෝරල තේ නිර්මාතෘ දිනය පසුගිය සිකුරාදා
(4) දවස පුරා පිටිගල අතුකෝරල තේ කර්මාන්ත ශාලා සමූහයේ වත්මන් සභාපති අනුර තිලක් අතුකෝරලගේ ප්‍රධානත්වයෙන් එම තේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී පැවැත්විණ.
අතුකෝරල තේ කර්මාන්ත ශාලා සමූහයේ සියලුම සේවක සේවිකාවන්ගේ කායික රෝගාබාධායන් සම්බන්ධයෙන් වෛද්‍ය සායනයන් පැවැත්වීම, අක්ෂි රෝගවලින් පෙළෙන සේවක,සේවිකාවන් හදුනාගෙන ඔවුනට ඇස්කණ්ණාඩි ලබාදීම එදින සිදුවිය.
එදින දහවල් මහා සඟ සතු දානමය පිංකමක් ද පැවැත්වූ අතර, පිටිගල අතුකෝරල තේ නිෂ්පාදනය කිරීමට කැප වූ එම කර්මාන්ත ශාලාවේ සේවකයින් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් සහ ඔවුන් දිරි ගැන්වීම වෙනුවෙන් ත්‍යාග ලබාදීම වැනි සත්කාරක සේවාවක් රැසක් මීට සමගාමීව පැවැත්විණ.
එදින දහවල් දානය සඳහා වැඩි මහා සංඝ රත්නයට පූජාවක් ලෙස ගෑස් සිලින්ඩරය බැඟින් ලබාදීම ද විශේෂයෙන්ම කැපී පෙනිණ.
lකරන්දෙණිය එම්.සුසිල් පියන්ත සහ පිටිගල ඩී.ජේ.විජේසිංහ
lකරන්දෙණිය එම්.සුසිල් පියන්ත
සහ පිටිගල ඩී.ජේ.විජේසිංහ