අබාන්ස් “ක්‍ෂණික සේවාව” අරඹයි | Page 4 | සිළුමිණ

අබාන්ස් “ක්‍ෂණික සේවාව” අරඹයි

වැල්ලවත්ත අබාන්ස් සේවා මධ්‍යස්ථානයේ සේවයේ නියුතු පළපුරුදු කාර්යමණ්ඩලය විසින් නවීන තාක්‍ෂණය යොදා ගනිමින් පාරිභෝගිකයින් සඳහා කවුන්ටරයේදීම නිෂ්පාදන අලුත්වැඩියා කර දීමේ ක්‍ෂණික සේවා පහසුකමක් ලබා දීමට කටයුතු යොදා ඇත. පාරිභෝගිකයා විසින් සිය නිෂ්පාදනය කවුන්ටරය වෙත ගෙනැවිත් බාර දුන් පසු එම ස්ථානයේ එම මොහොතේදීම සේවාව සපයා දීමට කටයුතු කෙරෙනු ඇත. ඒ අතරතුර කාලයේ පාරිභෝගිකයාට කෝපි කෝප්පයක් රස බලමින් හෝ සඟරාවක් කියවමින් හෝ රූපවාහිනිය නරඹමින් සුව පහසුව නිදහසේ කාලය ගත කිරීමේ අවස්ථාව ඇත.

Comments