පිඩිලයිට් ලංකා සමාගම විසින් ජල රෝධක නිෂ්පාදනයක් වන Dr.Fixit සඳහා ශ්‍රී ලංකාවේ සන්නාම තානාපතිවරයා වශයෙන් සුප්‍රකට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාම පත් කිරීම නිල වශයෙන් නිවේදනය කිරීම පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සිදු කෙරිණි. පිඩිලයිට් ලංකා සමාගම කීර්තිමත් සමාගම් සමූහයක් වන මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයට (McLarens Group) අනුබද්ධිත මැක්බර්ටන් සමාගම (Macbertan) සහ පිඩිලයිට් ඉන්ඩස්ට්‍රීස් සමාගම (Pidilite Industries) ඒකාබද්ධව සිදු කරන හවුල් ව්‍යාපාරකි.
Pidilite Industries සමාගමේ ජාත්‍යන්තර මෙහෙයුම භාර ප්‍රධාන ව්‍යාපාර නිලධාරී යෝගේෂ් ආනන්ද් මෙහිදී අදහස් දක්වමින් මෙසේ පැවසීය. “නිවාස ඉදිකිරීමේදී සහ අලුත්වැඩියා කිරීමේදී නිසි ආකාරයේ ජල රෝධක විසඳුම් භාවිතා කිරීම අතිශය වැදගත්. එසේ නොමැති විට ජලය කාන්දු වීම නිසා විවිධ ආකාරයේ අලාභහානි සිදු වීමටත් ඒ නිසා විශාල පාඩු සහ සෞඛ්‍යයට අහිතකර තත්ත්වයන් ඇති වීමටත් පුළුවන්. පිඩිලයිට් විසින් හඳුන්වාදී ඇති ඉතා සාර්ථක ජල ආරක්ෂණ නිෂ්පාදනයක් Dr.Fixit ඉදිරියේදී ජල කාන්දු වැළැක්වීමේ ඇති වැදගත්කම පිළිබඳව ශ්‍රී ලාංකිකයින් දැනුම්වත් කිරීම අපේ අපේක්ෂාවයි. ජාත්‍යන්තර කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන රොෂාන් මහානාම අපේ සන්නාම තානාපතිවරයා වශයෙන් පත්කිරීම හරහා අපිට මේ දැනුම්වත් කිරීමේ ක්‍රියාවලියට විශාල සහයක් ලැබෙනවා. ඒ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වශයෙන් ඔහු ලබා ඇති විශ්වාසනීයත්වය නිසයි.