නවීන තාක්ෂණික පුහුණු වැඩසටහන් මාලාවක් පැල්වත්ත සමාගමෙන් | සිළුමිණ

නවීන තාක්ෂණික පුහුණු වැඩසටහන් මාලාවක් පැල්වත්ත සමාගමෙන්

රටට වටිනා විදේශීය විනිමයක් ඉතිරි කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත සමාගම විසින් දේශීය කිරි ගොවින්ගේ තාක්ෂණික දැනුම සංවර්ධන කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ පළමුවරට කෘත්‍රිම බුද්ධිය පදනම් කරගත් පුහුණු සැසි මාලාවක් සංවිධානය කිරීමට කටයුතු කර තිබේ.

මෙම පුහුණු වැඩසටහනේ මූලික අරමුණ වනුයේ දිනෙන් දින වර්ධනය වන කිරි ගොවිතැන ආශ්‍රිත ගෝලීය දැනුම හා භාවිතයන් පිළිබඳව මෙරට ගොවි ප්‍රජාවගේ දැනුවත්භාවය වර්ධනය කිරීමයි.

පැල්වත්ත සමාගමේ සභාපති ආරියශිල වික්‍රමනායක මෙම පුහුණු වැඩසටහන පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. " කිරි ගොවින් යනු නිෂ්පාදන ක්‍රියාවලියේ මූලික කොටසක්. අද වනවිට පැල්වත්ත සමාගම දේශීය කිරි කර්මාන්තයේ ප්‍රමුඛයා බවට පත්වී තිබෙන්නේ ගොවි ප්‍රජාවගෙන් අපිට ලැබුණු සහයෝගය නිසයි. නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ආරම්භයේ සිට අවසානය දක්වාම ගොවි ප්‍රජාවගේ දායකත්වය අපිට අඛණ්ඩව හිමිවෙනවා. ඒ නිසා ඔවුන්ගේ හැකියාවන් තවදුරටත් සංවර්ධනය කිරීම අනාගත දේශීය කිරි කර්මාන්තයේ යහපැවැත්මට වටිනා දායකත්වයක් ලබාදෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. අතීතයේ පටන් වර්තමානය දක්වා මෙරට කිරි කර්මාන්තය දිගු ගමනක් පැමිණ තිබෙනවා. නව ප්‍රවීණතා අධ්‍යයනය කරමින් ඩිජිටල්කරණය වැනි සංකල්පවලට කිරි ගොවින් යොමුවීම අතවශ්‍ය කරුණක් බවට අපි හඳුනාගෙන තිබෙනවා.

Comments