ඩයලොග් 5 වැනි වරටත් බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ශ්‍රේණිගත කිරීමකට | සිළුමිණ

ඩයලොග් 5 වැනි වරටත් බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ශ්‍රේණිගත කිරීමකට

ලොව ප්‍රමුඛතම ස්වාධීන සන්නාම තක්සේරුකරණ උපදේශන ආයතනයක් වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් හි 20 වැනි වාර්ෂික සමාලෝචනයේ දී රුපියල් බිලියන 52 ක සන්නාම වටිනාකමින් යුත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී. එල්. සී, අඛණ්ඩව 5 වැනි වසරටත් ‘ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය' ලෙස තේරීපත්ව ඇත. එමෙන්ම AAA+ සන්නාම ශ්‍රේණිගත කිරීමද ලබා ගනිමින් ඩයලොග් ශ්‍රී ලංකාවේ 'ශක්තිමත්ම සන්නාමය' සහ අඛණ්ඩව 16 වැනි වරටත් ‘වටිනාම සන්නිවේදන සන්නාමය’ යන නාමයන්ගෙන් ද පිදුම් ලැබීය. ඩයලොග්, ‘වඩාත්ම ආදරය කරන සන්නිවේදන සන්නාමය' යන ඇගයීම් නාමය 07 වැනි වරටත් හිමිකර ගැනීමෙන් පිළිබිඹු වන්නේ, මෙරට මිලියන 17 කට අධික ශ්‍රී ලාංකිකයින් ඩයලොග් කෙරෙහි තබා ඇති විශ්වාසය මෙන්ම, ශ්‍රී ලංකාවේ තිරසර ඩිජිටල් පාරිසරික ක්‍රමවේදයක් නිර්මාණය කිරීමෙන්, මෙරට ජන ජීවිතය හා ව්‍යවසාය සවිබල ගැන්වීමේ ඩයලොග් සතු නොසැලෙන කැපවීමයි.

Comments