නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් | සිළුමිණ

නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත්

බදුල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට පැනවූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි
 
එම නිවේදනයේ දක්වා ඇත්තේ,බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.
 
එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
 
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, අගලවත්ත සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන් කරයි
 

Comments