
පවතින වැසිසහිත කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික් 10කට නිකුත් කර තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ගාල්ල, මාතර, මාතලේ, රත්නපුර, කළුතර, කෑගල්ල, කොළඹ, නුවරඑළිය, කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ කිහිපයක නායයෑමේ අවදානම් පවතින බව එම සංවිධානය පවසයි.
එබැවින් නායයෑමේ ලක්ෂණ සහිත ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය.
කෙසේවුව ද ඊයේ (17) දිනයට සාපේක්ෂව වර්ෂා තත්ත්වයේඅඩුවක් පැවති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සදහන් කළේය.
මේ වන විට ගංගාවල ජල මට්ටම ද සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබේ.
කිසිදු පුද්ගලයෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුකර නොමැති බව ඔහු සදහන් කළේය.
මේ අතර දිවයිනේ පළාත් කිහිපයකට තවදුරටත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් ප්‍රකාශ කළේ දිවයින වටා මුහුදු ප්‍රදේශද රළු විය හැකි බැවින් ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසට උපදෙස් දී ඇතිබවයි.