
කොළඹ වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය යළි ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සඳහන් කරන පරිදි අද (17) උදෑසන කාලයේදී එහි අගය ඒකක 100 – 150 ත් අතර පැවති බව ය.
මෙම තත්ත්වය ලබන මාසයේ මුල් සතිය දක්වා පැවතිය හැකි බව ඔහු සඳහන් කළේය.
කුඩා දරුවන්, ගැබිණි මව්වරුන් සහ ශ්වසන ආබාධ ඇති පුද්ගලයින් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි සරත් ප්‍රේමසිරි වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.