ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන විපක්ෂයේ ක්‍රමවේද තිබේ නම් කියන්න | Page 4 | සිළුමිණ

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන විපක්ෂයේ ක්‍රමවේද තිබේ නම් කියන්න

* ඇමැති ආචාර්ය බන්දුල පාර්ලිමේන්තුවේදී කියයි
* එදා පත් කළ අනුකාරක සභාවේ අනුකාරක ජී.එල්.

ය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව විපක්ෂයට ක්‍රමවේද තිබේ නම් එය ලබාදෙන්න යැයි ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී පසුගිය බ්‍රහස්පතින්දා පැවැසීය.

එලෙස ක්‍රමවේදයක් කිවහොත් ලසාඩ් සමාගම පැත්තකට කර එම උපදෙස් අනුව ණය ප්‍රතිව්‍යුහගත කළ හැකි බවද ඇමැතිවරයා කීවේය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

ණය ගැනීම සම්බන්ධයෙන් මේ රජයට හරි ජනාධිපතිවරයා පිට හරි වරදක් පවරන එක වැරැදියි. පසුගිය කාල පරිච්ජේදය පුරා රාජ්‍ය ණය පිළිබඳ අර්බුදය තිබුණා. ඒ අවස්ථාවේ පිච් රේටින්, මෝඩි කියන සමාගම් ජාත්‍යන්තරයට කිව්වා ලංකාව ඩවුන් ග්‍රේඩ් කරලා අපිට මේ ණය ගෙවා ගන්න බැරි තත්ත්වය ඇති වෙනවා කියලා. මෙවන් තත්ත්වයක් ඇති වුණොත් ඊට මුහුණ දෙන්න ප්‍රමාණවත් විශේෂඥ දැනුම සම්භාරයක් අපි සතුව නැහැ. ඒකයි ඉන් ගැලවීමේ උපාය මාර්ගය දෙන්න පුළුවන් කියන කාරණය පිළිබඳ ලෝකයෙන් ඉල්ලුම්පත් කැඳෙව්වෙ. ලෝකයේ මෙවැනි මූල්‍ය අර්බුදයන්ගෙන් ගැලවීම සඳහා විශේෂඥතාවය ලබාදෙන ආයතන 28ක් ඉල්ලුම් කළා. එයින් 20ක් මේ සඳහා සුදුකම් ලැබුවා. ඒ 20 අතුරින් කවුද තෝර ගන්නේ කියන ප්‍රශ්නයට කැබිනට් එක අනුකාරක සභාවක් පත්කළා.

ඒ අනුකාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ මහාචාර්ය ජී.එල් පීරිස් ඇමැතිවරයා. එතුමගෙන් අහන්න පුළුවන් කොහොමද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සමාගම් 20ක් අතුරින් එක සමාගමක් තෝර ගත්තේ කියලා. ඒ තමයි ප්‍රංශයේ ලසාඩ් ආයතනය. ඒ සඳහා විදේශ විනිමය ප්‍රමාණයක් ගෙවලා විශේෂඥ සේවය ලබාගන්න කැබිනට් අනුමැතිය ලබාගත්තා. ඒ රටවල් සමඟ සාකච්ඡා කරලා ස්වෛරීත්ව බැඳුම්කරවල අයිතිකරුවන් සමඟත් සාකච්ඡා කරලයි මේ ණය ප්‍රතිව්‍යුහගත කරණය කිරීමේ කටයුතු කරන්න යන්නෙ. ලංකාව ගත්ත ණය ගෙවන්නේ නැත්නම් විදේශ රටවල නඩු දානව. ඇමරිකා එක්සත් ජනපදයේ ස්වෛරීත්ව බැඳුම්කරවලට ඇමරිකානු ඩොලර් මිලියන 257ක නඩුවක් උසාවියට ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේ ජාත්‍යන්තරයට මුහුණ දෙන්න නීති උපදෙස් ලබාගන්න වෙනම සමාගමක් ලංකා ආණ්ඩුව වෙනුවෙන් පත්කර ගත්ත, ක්ලිපට් හාන්ස් කියලා. එම සමාගම ඇතුළු අනෙක් සමාගම් මේ සඳහා ගිහිල්ලා හැමිල්ටන් උසාවියට කිව්වා ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණය කරන්න සාකච්ඡා යනවා ඒ නිසා නඩුව අහන්න එපා කියලා. ඇ‍ෙමරිකා එක්සත් ජනපදය හැමිල්ටන් උසාවියට කිව්වා නඩුව දිගටම අහගෙන යන්න කියලා. අපිට විසඳාගත නොහැකි දැවැන්ත අර්බුදයක් තිබෙනවා.

ජනාධිපතිවරයා මේ අවුරුදු සමයේ දී සියලු කටයුතු නතර කරලා ඉන්දියාවේ මුදල් ඇමැතිවරිය, ප්‍රංශයේ මුදල් ඇමැතිවරයා ජපානයේ මුදල් ඇමැතිවරයා සමඟ වෙනම සාකච්ඡා කරා ජාත්‍යන්තර ණය අර්බුදයෙන් ගැලවීමට. මුදල් බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. අපේ ආණ්ඩුව විතරක් නෙවෙයි ණය අරගෙන තිබෙන්නේ.හැම ආණ්ඩුවක්ම ප්‍රාග්ධන වියදම් දරලා තිබෙන්නේ දෙස් විදෙස් ණය අරගෙනයි. ‘

ස්වර්ණා විජේකෝන් සහ නුවන් කොඩිකාර

Comments