ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගේ පියා ඝාතනය කළ රත්මලානේ කුඩු අංජු ප්‍රංශයේදී අල්ලයි | Page 7 | සිළුමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගේ පියා ඝාතනය කළ රත්මලානේ කුඩු අංජු ප්‍රංශයේදී අල්ලයි

ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙක් වන රත්මලාන ගොනාකෝවිලේ කුඩු අංජු ප්‍රංශ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සිය බිරිය සමඟ ඇතිවූ ආරවුලක් මත බිරිය විසින් එරට පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචි මාර්ග අනාවරණය කරයි.

දින 2කට පෙර ප්‍රංශ පොලිස් අත්අඩංගුවට පත්වූ කුඩු අංජු ගැන තොරතුරු මේ වන විට මෙරට ආරක්ෂක අංශ වෙත ලැබී ඇත. කුඩු අංජු ට එරෙහිව ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයක් නිකුත් කර ඇති බැවින් ඒ ඔස්සේ ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට ඇති හැකියාව ගැන මෙරට පොලිසියේ අවධානය යොමුව ඇත.

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා ගේ පියාගේ ඝාතනය ඇතුළු ඝාතන රැසකට චෝදනා එල්ල වී සිටින කුඩු අංජු මෙරට සිටින අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවෙක් ලෙස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය හඳුනාගෙන සිටී. මත්කුඩු ජාවාරම සහ මිනිස් ඝාතන තුළ පාතාල අපරාධ ඔහු මෙහෙයවනු ලැබුවේ ඩුබායි සහ ප්‍රංශයේ සිට ය. මෙම රටවල් දෙක අතර ඔහු සංචාරය කරනු ලබන්නේ වෙනත් පුද්ගලයකුගේ නමින් සකස් කළ විදෙස් ගමන් බලපත්‍රයක් මඟිනි.

Comments