මත්පැන් බෝතල්වලට ව්‍යාජ සුරාබදු ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන් පූර්ණ වාර්තාව ලබන බදාදා වන විට ලබාදීමට කටයුතු කරන බව අතිරේක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සිළුමිණට කීය.
මේ වන විට මත්පැන් බෝතල් 40,000කට අධික ප්‍රමාණයක් ව්‍යාජ ස්ටිකර් අලවා ඇති බවට සැක පිට අත්අඩංගුවට ගෙන ඇති බව පැවසූ කුමාරසිංහ වැඩිදුරටත් පැවසුවේ මේ වන විට පරීක්ෂණ අවසන් මට්ටමේ පවතින බවයි.
දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් මේ වංචාවට හවුල් වූ බවට වන ප්රකාශයන්ට ද එහිදී පිළිතුරු ලැබෙනු ඇතැයි පැවසූ අතිරේක සුරාබදු කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ මෙවැනි වංචා සිදු කරන්නේ සාමාන්‍ය පුද්ගලයන් නොව සංවිධානාත්මක පිරිස් බවත් රජයට ලැබෙන ආදායම අහිමි කිරීමෙන් සිදු කළ වංචාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ලබන බව ද ඔහු පෙන්වා දුන්නේය.