
නෙස්ටොමෝල්ට් SALARY for LIFE 2022 වැඩසටහන ඉකුත් දා නිමාවට පත්වූ අතර, විශාල ඉල්ලුම්පත් සංඛ්‍යාවක් අතරින් මෙවර ජය ගත්තේ පමුණුගම පදිංචි බී.කේ. ශ්‍යාමිණි දිලිනි රොද්‍රිගෝ ය. අඛණ්ඩව තුන්වැනි වසරටත් දියත් වූ මෙම සුවිශේෂී පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනෙන් ඇයට වයස අවුරුදු 55 සම්පූර්ණ වනතුරු රු. 50,000 බැගින් මාසික දීමනාවක් හිමි වේ.
මෙවර SALARY for LIFE වැඩසටහන ඩිජිටල් ක්‍රමයට ක්‍රියාත්මක වූ අතර, නෙස්ලේ ලංකා කිරි ආහාර අංශයේ අධ්‍යක්ෂ රුවන් වැලිකල, විකුණුම් අංශයේ අධ්‍යක්ෂ ජගත් වෙදගේ, නීති අංශයේ සහකාර අධ්‍යක්ෂ කීර්ති පතිරාජා සහ බස්නාහිර පළාත් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ බදු නිලධාරිනී ශ්‍රියානි නාපාගොඩ යන අයගේ සහභාගීත්වයෙන් සිදු කළ ඩිජිටල් දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයා තෝරා ගැනුණි.