නවලෝක රෝහල් සමූහයේ 33 වැනි වාර්ෂික සමුළුව | Page 12 | සිළුමිණ

නවලෝක රෝහල් සමූහයේ 33 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ පුරෝගාමී සන්නාමයක් වන නවලෝක රෝහල් සමූහය සිය 33 වැනි මහසභා රැස්වීම පසුගිය දෙසැම්බර් 30 වැනිදා පවත්වනු ලැබීය. කොළඹ කොටස් වෙළෙඳපොළ නියාමනයන් සහ මාර්ගෝපදේශයන්ට අනුකූල වෙමින් අන්තර්ජාලය හා සම්බන්ධ මාර්ගගතව මෙම මහා සභා රැස්වීම පැවැත්විණ. මේ සඳහා Nawaloka Hospitals PLC හි සියලු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් එක් වූ අතර නිරතුරුව වෙනස් වූ දැඩි සාර්ව ආර්ථික අභියෝගයන් මධ්‍යයේ වූවද පසුගිය වසරේ අවසන් මාස කිහිපය තුළ ධනාත්මක වර්ධනයක් වෙත නවලෝක රෝහල් සමූහය ගමන් කිරීම මෙහිදී අවධානයට ලක් විය.

Comments