සෙලාන් බැංකුව ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සමඟ අත්වැල් බැඳගනී | සිළුමිණ

සෙලාන් බැංකුව ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සමඟ අත්වැල් බැඳගනී

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සමග අත්වැල් බැඳගෙන සිටී. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය 2023 ජූනි 22 දින සිට 25 දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වේ.

එම උත්සාහය යටතේ, රටේ ආර්ථිකය යහපත් අතට හැරෙමින් පවතින පසුබිමක් තුළ මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සවිබල ගැන්වීමේ අරමුණින් සෙලාන් බැංකුව මෙම ප්‍රදර්ශනයට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී සිටින අතර, එය ආර්ථික සමෘද්ධිය ඔස්සේ රටේ අනාගතය වඩාත් යහපත් කිරීමට දායක වනු ඇතැයි බැංකුව විශ්වාස කරයි.

Comments