
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ටොයොටා ලංකා පුද්ගලික සමාගම, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් පාරිභෝගිකයින්ට සහ TOYOTA පාරිභෝගිකයින්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින් 2023 ජූනි 8 වන දින අවබෝධතා ගිවිසුමකට නිල වශයෙන් අත්සන් තබන ලදී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ Toyota Lanka පුද්ගලික සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ද සහභාගී විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් රක්ෂණ ඔප්පුවක් ඇති Toyota වාහන හිමියන්ට හදිසි අනතුරක දී තම රථ වාහනයට සිදුවන අලාභ හානි කඩිනමින් අලුත්වැඩියා කර දීමට Toyota Lanka ශාඛා ජාලය පහසුකම් සලසා දීමට කටයුතු කර ඇත.