
කර්මාන්ත අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් "කර්මාන්ත 2023" ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය, "අපනයන-නැඹුරු නිෂ්පාදන ආර්ථිකය කරා" යන තේමාවෙන් සංවිධානය කර ඇති අතර එය ශ්‍රී ලංකාව තුල කාර්මික අංශය විසින් පවත්වන විශාලතම ප්‍රදර්ශනය වේ. මෙම ප්‍රදර්ශනය 2023 ජුනි 22 සිට ජුනි 25 දක්වා BMICH හිදී පැවැත්වීමට නියමිතය.මෙම ප්‍රදර්ශනය මගින් යන්ත්‍රෝපකරණ, තාක්‍ෂණය, අමුද්‍රව්‍ය සහ ව්‍යාපාර සංවර්ධන සේවාවන්හි නවෝත්පාදන සහ දේශීය කර්මාන්තයේ විශිෂ්ටත්වය විභව දේශීය/ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ප්‍රදර්ශනය කරන අතර වඩාත් වැදගත් ලෙස ප්‍රතිපත්ති සම්පාදකයින් ඇතුළු නිවැරදි පාර්ශ්වකරුවන් සමඟ සහ රජයේ අනෙකුත් ආධාරක සේවා සමග සබඳතා ඇති කර ගැනීමට වේදිකාවක් නිර්මාණය කරයි. ISMM ආයතනය IDB සමග වෘත්තීය හවුල්කරුවා වශයෙන් දේශීය කර්මාන්තවල සැපයුම් දාම කළමනාකරණයේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා “කර්මාන්ත 2023” ප්‍රදර්ශනය තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇත.