
2023 අප්‍රේල් සහ මැයි දෙමස තුළ වැඩිම 4WD ට්‍රැක්ටර් ප්‍රමාණයක් ලියාපදිංචිය සහ අලෙවිය මඟින්, ඉහළම වෙළෙඳපොළ කොටස් හිමිකාරිත්වය තවදුරටත් තහවුරු කර ගැනීමට හේලීස් ඇග්‍රිකල්චර් සමත් වී ඇත. Kubota සහ E-Kubota සන්නාම යටතේ එන ට්‍රැක්ටර් අලෙවියෙන් මැයි මස අවසන් වන විට, මුළු ට්‍රැක්ටර් විකුණුම්වලින් 44%ක සහ රෝද-හතරේ ට්‍රැක්ටර් (4WD) විකුණුම්වලින් 69%ක වෙළෙඳපොළ කොටස් හිමිකාරිත්වයක් හේලීස් ඇග්‍රිකල්චර් තහවුරු කරගන්නා ලදී.