වසර 77 ක දිගු අයවැය ඉතිහාසයේ පසුගිය 14 වැනිදා මුදල් ඇමැති ලෙස ජනාධිපති රනිල් වික්රමසිහයන් විසින් ඉදිරිපත් කළේ ඉතිහාසයේ ඉදිරිපත් වූ අභියෝගාත්මක ම අයවැය යැයි කීවොත් නිවැරදිය. වර්තමානයේ රටේ දැඩි ආර්ථික, සමාජයීය කඩා වැටීම හමුවේ අහස උසට උද්ධමනය නැඟි මොහොතක, විදෙස් ණය පවා ගෙවා ගැනීමේ අසීරු අවස්ථාවක අයවැය කොයි ආකාරයෙන් ඉදිරිපත් වේදැයි බොහෝ දෙනෙක් විවිධ මත පළ කළහ. මෙවර අයවැය ජනප්‍රිය තීන්දු තීරණ පසුපස හඹා ගිය අයවැයක් නොවුණු අතර, 2023 වසරේ ආර්ථික දේශපාලන අංශ හරහා සමෘද්ධිමත් දේශයක් ගොඩ නඟන්නට අඩිතාලමක් විය. එහි ප්‍රධාන අරමුණ වූයේ 2048 සියවැනි නිදහස් සැමරුමේ ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීමේ මූලික අඩිතාලම දැමීමය. මෙවර අයවැයේ හඳුනාගත් ප්රතිලාභ මෙන්ම පුළුල් වෙනස්කම් මෙසේය.
- සියවැනි නිදහස සමරන 2048දී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක්
- ඉතිහාසයේ පළමු වතාවට අය වැය අහන්න සිසු සිසුවියෝ 400 ක්, යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් තරුණ තරුණියෝ
- ආර්ථික පරිවර්තනය සඳහා වූ නීති සංශෝධන හා නව පනත් නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට
- ප්‍රධාන ව්‍යවසාය 52 ක වසරක පාඩුව රුපියල් බිලියන 86 ක්
- IMF සාකච්ඡා සාර්ථකයි
- රුපියල ශක්තිමත් වෙමින් පවතිනවා
- 2023 දී යළිත් ආර්ථික ස්ථාවරත්වයක්
- පාට කණ්ණාඩි ගලවා වැරදුණ තැන් සොයා බලමු
- අප ගත යුත්තේ නිවැරදි තීන්දුද? ජනප්‍රිය තීන්දුද?
- ණය ගත යුත්තේ පරිභෝජනය සඳහා නොව ආයෝජනය සඳහායි. අපි රටට ණය වෙමින් මඟුල් කෑවා
- දුෂ්කර අවධියෙන් මිදීමට ආර්ථිකය පුබුදන බලවේගයක් නිර්මාණය කළ යුතුයි
ආර්ථිකය
රාජ්‍ය ආදායම 2025 වසර වන විට 15% දක්වා වැඩි කිරීම
උද්ධමනය තනි ඉලක්කමක මැදි අගයක් දක්වා ගෙන ඒම
2024 මාර්තු 1 සිට සියලු රාජ්‍ය ගෙවිම් විද්‍යුත් ක්‍රමයකට
ආයෝජන
බස්නාහිර, වයඹ පළාත් හා හම්බන්තොට හා ත්‍රිකුණාමලය ප්‍රදේශයන්හි නව ආර්ථික කලාප හා ඒ සඳහා නව නීති - රුපියල් මිලියන 300
ජාත්‍යන්තර වෙළෙඳපොළ අවස්ථා වැඩි කිරීම හා ඒ සඳහා ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් පිහිටුවීම
කම්කරු
සේව්‍ය සේවක දෙපක්ෂයටම ප්රතිලාභ සැලසෙන පරිදි යාවත්කාලීන වූ තනි කම්කරු නීතියක්
වැසී යන කර්මාන්තශාලාවල සේවකයන්ව නව රැකියා අවස්ථා ලබාගැනීමට පුහුණු කිරීම හෝ රැකියා අහිමි වන සේවකයන් සඳහා වන්දි දීමේ ක්‍රමවේදයක්- රුපියල් මිලියන 100
වගා
කුරුදු කර්මාන්තය නඟා සිටුවීම සඳහා කරන්දෙණිය ප්‍රදේශයේ වෙනමම දෙපාර්තමේන්තුවක්- රුපියල් මිලියන 200
සෞඛ්‍ය
බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පවතින බන්ධනාගාරවල සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීම -
රුපියල් මිලියන 100
බදුල්ල, කුරුණෑගල, පොලොන්නරුව ශික්ෂණ රෝහල් මට්ටමට උසස් කිරීම
රජයේ රෝහල්වල ගෙවන වාට්ටු ඇති කිරීම (පළමු අදියර ලෙස ජාතික හා මූලික රෝහල්වල)
පෝෂණ
දරුවන් අතර හටගන්නා මන්දපෝෂණ හා සෞඛ්‍ය ගැටලු අවම කිරිමට අතිරේක වැඩසටහන්- රුපියල් මිලියන 500
කොමිසම්
රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ, බදු ප්‍රතිසංස්කරණ සඳහා ජනාධිපති කොමිසම්
ආහාර සුරක්ෂිතතාව පිළිබඳ මාර්ගගත විද්‍යුත් පද්ධතියක්
අයවැය යෝජනා අධීක්ෂණයට ජනාධිපති කාර්යසාධක බළකායක්
සේවක භාර අරමුදල් පනත සංශෝධනයට
පාසල් අධ්‍යාපනය
පාසල් 1000 කට නොමිලයේ අන්තර්ජාල පහසුකම්
පළාත් පාසල් 139 ක් හා ජාතික පාසල් 23 කට සනීපාරක්ෂක හා ජල පහසුකම්- රුපියල් මිලියන 200
උසස් අධ්‍යාපනය
රාජ්‍ය විශ්වවිද්‍යාලවලට කුසලතා පදනමින් ඇතුළත් කර ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කිරීම
පේරාදෙනිය, රුහුණ හා යාපනය විශ්වවිද්‍යාලවල වෛද්‍යවරුන් සඳහා පශ්චාද් උපාධි අධ්‍යයන පහසුකම් වැඩි කිරීම - රුපියල් මිලියන 60
විශ්වවිද්‍යාල උපාධිවල ගුණාත්මක බව වැඩි කිරිම- රුපියල් මිලියන 100
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට නව වෛද්‍ය පීඨයක්
- රුපියල් මිලියන 200
ලංකා ඉතිහාසය හැදෑරීමට වෙනමම ආයතනයක්- රුපියල් මිලියන 50
ශිෂ්‍යත්ව
75 වැනි නිදහස් සමරුව නිමිති කරගෙන 2022 උසස් පෙළ විශිෂ්ටයන් 75 කට, උපාධිධාරීන් 75 දෙනකුට විදෙස් ශිෂ්‍යත්ව
තරුණයන්
රැකියා විරහිත තරුණ තරුණයන් කෘෂි ව්‍යවසායකයන් ලෙස බල ගැන්වීම
තරුණ කාන්තා ව්‍යවසායකයන් දිරි ගැන්වීමට ණය යෝජනා ක්‍රමයක්. එක් අයකුට රුපියල් 250,000 ක උපරිමයකට යටත්ව ණය මුදලක් - රුපියල් මිලියන 250
ඩිජිටල්
2023 වසරේ සිට දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීම
සමාජ ආර්ථික පරිවර්තනයට ඩිජිටල් තාක්ෂණය
රක්ෂණ හා විශ්‍රාම
පෞද්ගලික අංශයටත් අග්‍රහාර යෝජනා ක්‍රමයක් ලබා දෙන ලෙස ඉල්ලීමක්
සන්නද්ධ හමුදා සේවකයන්ට අවුරුදු 18 ක සේවා කාලයකින් පසු විශ්‍රාම ගැන්වීමේ අවස්ථාව
2023 වසර අගවන විට රාජ්‍ය සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට සැලකිය යුතු සහන
මාර්ග
මහාමර්ග නඩත්තුවට ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී වාහනයකින් රුපියල් 100 කට නොඅඩු වාර්ෂික ගාස්තුවක්. - රුපියල් මිලියන 100
ගංවතුරින් හානියට පත් වූ මාර්ග ප්‍රතිසංස්කරණය - රුපියල් මිලියන 2000
සංචාරක කර්මාන්තය
නැගෙනහිර, දකුණ හා බස්නාහිර පළාත්වල සමුද්‍රීය කලාප තුනක් ඇති කිරීම- රුපියල් මිලියන 50
ක්‍රීඩා ආශ්රිත සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා ජලය මත ලිස්සා යෑමේ ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීම
රථවාහන
සූර්ය බලශක්ති හා විද්‍යුත් මෝටර් කාර් නිෂ්පාදනයට පහසුකම් හා බදු ඉවත් කිරීම
ඉඩම්
මෙතෙක් භාවිත නොකරන ඵලදායි ඉඩම් බදු දීමේ පදනම මත අපනයන බෝග වගා කිරීමට යොමු කිරීම
පොල් ඉඩම් කැබලි කිරිම සීමා කිරීම
පරිසරය
දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක්- රුපියල් මිලියන 100
සංවර්ධනයට ග්‍රීන් හයිඩ්රජන් තාක්ෂණය හා පුත්තලම මන්නාරම කලාපයේ හවුල් ව්‍යාපෘතියක්
නැතිවූ අක්කර 50,000 ක වන ගහනය 2027 වන විට නැවත ප්‍රතිස්ථාපිත කිරීම - රුපියල් මිලියන 50
වතුර
පානීය ජල බෝතල් සඳහා ආරක්ෂිත මුද්‍රාවක්
මධ්‍යසාර
මධ්‍යසාරවල ගුණාත්මක බව තහවුරු කිරීමට නව රසායනාගාරයක් ඇති කිරීම - රුපියල් මිලියන 100
බදු හා වියදම්
වයස 18 වැඩි අයට බදු ගොනු
බීඩියකට රුපියල් 2 බද්ධක් ඇති කිරීම
සෙස් බද්ධ වසර තුනකින්, වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ධ වසර 5 කින් ඉවත් කිරීම හා තීරු බදු අනුපාත සංශෝධනය කිරීම
රාජ්‍ය වියදම් දැඩි ලෙස පාලනයට උපදෙස්
අවුරුදු 18 ට වැඩි සියල්ලටම ටැක්ස් ෆයිල්
ගාස්තු
විදේශ ගමන් බලපත්‍ර හා වීසා ගාස්තු ඉහළ නැංවීම
2024 මාර්තු 1 සිට සියලු රාජ්‍ය ගෙවිම් විද්‍යුත් ක්‍රමයට
ණය
ක්ෂූද්‍ර මුල්‍ය හා ණය නියාමන අධිකාරියක්
ප්‍රතිව්‍යුහගත කිරීම
ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස් ඒජ් හෝටලය හා ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීම
මැණික්
මැණික් වෙළෙඳ මධ්‍යස්ථානයක් පිහිටුවීමේ හැකියාව සොයා බැලීම
ඩිජිටල් තාක්ෂණයේ ඉදිරි ගමන් මඟ පිළිබඳ අධ්‍යයනය කිරීමට, ලංකාවේ ඛනිජ සම්පත් ඵලදායි ලෙස යොදා ගැනීමට කමිටු පිහිටුවීම
දීමනා
වැඩිහිටි, විවිධ හැකියා, වකුගඩු දීමනා අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනයේ දීර්ඝ කාලයක් සිටි අත්‍යවශ්‍ය පුද්ගලයන්ට ප්රතිලාභ ලබාදීම
ලක්ෂ 30 කට අධික සමෘද්ධි හා දීමනාලාභීන්ට මෙන්ම 726,000 කට අධික පවුල්වලට ගෙවනු ලැබූ දීමනා වැඩි කිරීම ඉදිරියට මාස හතරක් දක්වා දීර්ඝ කිරීම - රුපියල් බිලියන 43
කෘෂිකර්මාන්තය
පොල් ඉඩම් සංවර්ධනය කිරීම හා නැවත වගා කිරීම
නවීන තාක්ෂණයෙන් යුත් කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 10 ක්- රුපියල් මිලියන 250
ත්‍රෛලෝක විජයපත්‍ර භෝගය ආනයන හැකියාව සොයා බැලීමට විශේෂඥ කමිටුවක්
පසු අස්වනු හානි අවම කිරීම හා වගා හානි වැළැක්වීමට විශේෂඥ කමිටුවක් - රුපියල් මිලියන 150
දේශිය කිරි නිෂ්පාදන කර්මාන්තය ඉහළ නැංවීම - රුපියල් මිලියන 100
ධීවර කර්මාන්තය
මිරිදිය ධීවර කර්මාන්තයට අදාළව මත්ස්‍ය අභීජනන ධාරිතාව ඉහළ නැංවීම - රුපියල් මිලියන 100
ආගමික
ආගමික ස්ථාන සඳහා සූර්ය පැනල