කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

ලක් දනගේ සිත් සැනසූ

සේ සඳවතින් විහිදේ සොමි රැස් කිරණ
ඒ සඳ රැසින් බැබළේ මුව ලක් දෙරණ
රෑ තද අඳුරු සඟවා තුටු කර නයන
පෑ ඔද සිහි කරයි අනුබුදු හිමි ගමන

උතුම් බුදු දහම ලොව අන් රටවලට
දෙසා එම සුවය දීමට ලෝ දනට
දම්සෝ නිරිඳු තෝරාගත් රට වලට
ලක්දිව අයත් වුයේ අපෙ පෙර පිනට

රජ ඇරයුම ලැබුණි අනුබුදු සමිඳුන්ට
ලක්දිව වැඩමවා ලක් රජු හමුවන්ට
බුුදුදම් දෙසා බුදු සසුනද අරමන්ට
තුම් බුදු දහම සදහට මෙහි පවතින්ට

රජ ඇරයුම පරිදි අනුබුදු හිමි සමිඳු
කුලුණැස අප රටේ ජනයා වෙත විහිදු
මෙහි වැඩමවා හමුවී පෑතිස් නිරිඳු
සදහම් දෙසා ලක් දනගෙ සිත් පැහැදු

දන් දෙමු පින්කරමු තෙරුවන් නිති නැමැද
සන්සුන් ගති පැවැත්මන් නිරතුරු වැලඳ
පින්පිරි පිළිවෙත්ම තහවුරු කර නිබඳ
සන්තොස් දැයක් වෙමු බුදු දහමෙහි පැහැද

විමල් රූබසිංහ


පොසොන් හැඟුම්

මිස්සක පව්වෙන් සඳ එළි නැගී දිලෙ­නවා
අනු­බුදු හිමි සඳ­හම් හඩ පැතිරී යනවා
තිස්ස නිරිඳු සහ පිරි­වර සවන් යොම­නවා
පොසොන් - හැඟුම සිරි­ලක් දන මන පින­ව­නවා

මෙත් ගුණ­යෙන් හද සතපා නොගැලී පාපේ
අනු­බුදු හිමී සඳ­හම් මඟ නොයෑම සාපේ
සොසොන් සඳේ - සඳ එළි­යෙන් බුද­හිමි රූපේ
දැක ගනු සැම බොදුනු දනන් සිරි­ලක් දීපේ

ඉපදී - බුදුව පිරි­නි­ව­නින් දුන් බැති සරණේ
අනු­බුදු හිමි සඳ­හම් පද වොරැ­දෙයි සවණේ
අඹ­තල් - බිම නොවැ­ඩියෙ නම් ඒ මඳ පවනේ
පොසොන් හැඟුම් කොයි­බද අද සිරි­ලක් දෙරණේ

සිරි­ලක පුරා පිපි සුදු මල් සුවඳ පෙරී
සන­හන නිවන් මඟ බුදු ගුණ මිහිර පීරී
හෙළ මහා පොසොන් සඳ­කින් දෙන රුසිරු සිරි
වේවා පොසොන් සිරි­යෙන් මුළු ලොවට දිරි

සිරි­මල් ජය­ලත් ද සිල්වා පිය­නම


යහ­පත සැල­සේවා

කලා­වැව රැලි නගන විලසේ
දහම් සිති­විලි මැවෙ­නවා
රුවන් වැලි මහ සෑය අබි­යස
සිල් සුවඳ සිත නිව­නවා

හමා එන මඳ සුළඟ අතරේ
දැයේ අභි­මන් ඇසෙ­නවා
මිහිඳු අනු­බුදු සමිඳු සර­ණින්
රටට යහ­පත සැදෙ­නවා

රත්න­සිරි පති­රණ


පොසොන් සඳ

හොවා දුනු ඊතල,
මුවා පසු පස නොමග ගිය සිත,
දොවා­ගෙන අමා සිසි­ලෙන්

අසා බුදු­බණ මිහිඳු හිමි­ගෙන්
යහ මඟට බට තිස්ස නිරි­ඳුන්
එහිමි දෙසු බණම අස­මින්
ගිනි අවි දරා සුර­තින්
පිළි­ම­ලුන් නස­මින්

උනුන්ද නැසෙ­මින්
තවත් දුර යතොත් මෙලෙස
පොසොන් සඳ යනු ඇත
යළි නොඑන ලෙස බැස

ලාල් කළු­ත­රගේ


සම­රමු


නැඟ එන පොසොන් සඳ මිස්සක ගිරි මුඳු­නින්
සද­හම් සිසිල පුර­වයි තුන්සිත නිව­මින්
නපු­රට හැරෙන සිති­විලි දුරලා විග­සින්
අනු­බුදු හිමිගෙ ගුණ සම­රමු හද බැති­යෙන්

දින දින දසත ඇවිළෙන ගිනි­දැල් නිවමු
නිකැ­ළැල් බුදු දහම නිසි ලෙස හඳුන ගමු
අනෙකා සමඟ අප නොම සසඳා බලමු
පිළි­වෙත් සපු­ර­මින් නිර­තුරු දිවි ගෙවමු

වස්තුව රැස් කළත් අප ගැති වී සිතට
සමු­දිය යුතුයි දව­සක පොදි ගැසූ සැමට
වැටුන කෙනෙකු හට දිය හැකි නම් පිහිට
එය­මයි පොසොන් දිනයේ නිම නැති සතුට

දම්මිණි ප්‍රේම­චන්ද්‍ර ෆොන්සේකා


සැන­සීම

මිහි­න්ත­ලාවේ
අඹ­තුරු සෙව­ණට
පොසොන් පොහෝ දින
පායා පුන් සඳ
බුදු මඟ පහදා
අනු­බුදු හිමි­යන්
දෙසූ දහම් පද
තිස්ස නිරි­ඳු­හට....

පුබුදා ලක්දිව
දහම් අමා ගුණ
හැඟුම් ගලා­විත්
ගෙනේ සිතට
සැන­සීම සුවේ

නන්දන නාපා­වල


ඔබ කව­රෙක්ද

සම්බුදු දහම නොම­දැන
ගස් ගල් වලට වඳි­මින
අග­ති­යෙන් අග­ති­යට බර­වුන
මිනි­සුන් පිරි­සක් එදා වන

නොදැ­මුන ඉදු­රාන
දුනු හී දෑත දරා­ගෙන
තිස්ස නම් නිරි­දාන
දඩ­ය­මට වන වැදුන

රජු දුනු හී අත මානන
සිතෙන් සැල­සුම් සදයි ගාතන
සෙමෙන් එය වාරන
තිස්ස නම ඇසුණු දාරන

ලක් දෙරණ රජ කරන
බල මහි­ම­යෙන් සපි­රුන
නමින් මම අම­තන
ඔබ කව­රෙක්ද කිව මැන

පවින් සිත ගත මුද­වන
යම­ම­ඟට ඔබ යොමු කර­වන
භාරත දේශ­යෙන් පැමි­නුණ
මිහිඳු හිමි­යන් මමයි දනු මැන

රජු සම්බුදු දහ­මෙහි බැදුණා
රට වැසියෝ සතු­ටින් පිබි­දුණා
ලක්දිව දහ­මින් බැබ­ලුණා
දහම් දීප­යයි නමක් පට බැඳුණා

සුනේත්‍රා ප්‍රේම­සු­න්දර


සුබ පණි­වි­ඩය


අඹ­තල මුඳුනෙ සිට එයි බුදු ගුණ ගීත
නුඹ කුස තුළ නැගෙයි සඳ­රැස් සුවිනීත
පොබ­ක­ර­ව­මින් මිහි­කත නදි­යකි සීත
සුභ පණි­වි­ඩය පිළි­ගමි නග­මින් දෝත

අද වැනි දිනක සත­හට නිසි­මග පෙනුනේ
සිඳ­බිඳ සසර බැමි මොක්මග දොර ඇරුනේ
නද දෙන සියො­තුන්ද සතු­ටින් පෙළ ගැසුනේ
මද­හස තුළි­න්මය සුව­ඳැ­ති­මල් පිපුනේ

සත්වග වෙතට දුන් දහ­මින් සැන­සෙ­න්නයි
සිත්වල දුක නැසී හරි­දෙය දැක­ග­න්නයි
මෙත් කරු­ණාව තුළ සමි­ඳුන් වැඩ ඉන්නයි
සෙත් සුව සතුට ලැබෙ­මින් පෙර­ටම යන්නයි

කරු­ණා­දාස සපු­තන්ත්‍රි


අමා දිය දහර

පොසොන් සඳත් උදා­වෙලා
සිරි­ලක් බිම එලිය වුණා
අනු­බුදු හිමි දෙසු දහ­මින්
ලක්දිව සිත් පහන් වුණා

අම්බස් තල මුදුනේ සිට
දහම් අමා දිය ගැලුවා
බෝ හද­වත් පුබුද වුනා
පව් මල සේදී වැටුණා

එදා පටන් මේ දෙරණේ
මෙත් කරුණා මල් පිපුණා
බුදු හිමිගේ දම් බල­යෙන්
ලෝ සත­හට සෙත සැදුණා

ඕ. පිය­සෝම පෙරේරා


සිරි­ලක වඩිනු මැන

අනු­බුදු මහ රහත් හිමි වැඩි පොසොන් දිනේ
මිස්සක පව්ව මුදු­නින් දම් සිසිල ගෙනේ
දඹ­දිව දහම් සෝ නිරි­ඳුගෙ පුතණු වනේ
අප දෙස බලා යළි සිරි­ලක වඩිනු මැනේ

ඔබ දුන් දහම් පණි­වි­ඩ­යම වැලඳ ගෙන
රජ සිටු ඇමති දන ඇසුවා මුනිඳු බණ
මහණ දම් පුරා බොදු පිළි­වෙත් රකින
සඟ පර­පු­රක් කහ සිවු­රින් බිහි කෙරින

දේවා­නම් පෑ තිසි රජ දවස පටන්
පොසොන් සුවඳ විඳ ගති අප සැදැහැ සිතින්
මිහිඳු හිමිගෙ ගුණ සමරා බුදුනු බැතින්
පොසොන් තොරණ පෙර­හැර සිහි කරමි ඉතින්

ආනන්ද අබේවික්‍රම


පැතුම

අත­ගගා අඳුරු මුළු ගෙවා කප් කල්ප­යක්
මෙත ඔතා බෙදු දහම මුදා­ගත් දේශ­යක්
ඇත වෙළා අද දවසෙ ලෙහණු බැරි පැට­ලු­මක්
නැත මෙදා දකිණු හැක ධර්ම­යක අසි­රි­යක්

පොසොන් සඳ එබේවා පලා­හැර ගන අඳුර
මුවින් මුව ගැයේවා හැම පැයක මෙත් සුතුර
නිතින් හිත් නිවේවා ගලා සැන­සුම් වතුර
දනන් මුව රැඳේවා පිපුණු හස­රැල් අතර

මනෝරි ගමගේ


මිහිදු හිමි­යනේ

කෝපයෙ ගිනි දැල් නිවා දම­න්නට
කුලුණු දියෙන් මෙත් මල් පූදි­න්නට
ගුණ සුව­ඳින් හෙළ බිම සන­හ­න්නට
අනු­බුදු හිමි­යනි වඩිනු මැනේ - යළි වඩිනු මැනේ

මහ පොළොවේ බිම් අඟ­ලක් වෙනු­වෙන්
උතුම් මිනිස් දිවි වනසා ලති අද
එවන් අයට යහ­මග පෙන්ව­න්නට
අනු­බුදු හිමි­යනි වඩිනු මැනේ - යළි වඩිනු මැනේ

දුසි­රිත් දුහු­විලි වෙලා සියදු අත
මේ බිම මරු කත­රක සිරි ගෙන ඇත
දහම් දියර ඉස සිසිල සද­න්නට
අනු­බුදු හිමි­යනි වඩිනු මැනේ - යළි වඩිනු මැනේ

පුෂ්ප­ලතා විද්‍යා­ලං­කාර


මේ සඳ එළියේ


පොසොන් සඳේ සිසිල හමයි
අපෙ ගම් මැද්දේ
පුංචි පැටව් කූඩු හදයි
වැව් තාවුල්ලේ....

පොසොන් සිරිය නර­ඹාලා
සැදැ සිතින් සැන­සිලා
සඳේ ගම්මැද්දේ
අපි ඇව්දි­නවා...

ජේ. ඩී. අබේ­කෝන්


සිත් පහදා ගමු

මිහිඳු සමිදු පිය උප දෙසින් ලද පෙර
මිහි­න්ත­ලා­වට රජු දැක වැඩම කර
සංවා­දෙ­කින් පසු දැන දැණුම සම­බර
බොඳු­වන් කළහ රජු හා සපරි පිරි­වර

සුපු­රුදු ලෙස ගලන සඳ­රැස් කසුන් වැට
කළ එළි කරයි ගෙමි­දුල මල් යහන් යට
සිල්ගත් බොදු­ණුවෝ තම සිත් පහන් කොට
පසු­වෙති නිවෙස් තුළ නිකෙ­ළෙස් පැතුම් පිට

උවසු උවැ­සි­යන් වන මල් අතින් දරා
පිගැට නැග ගියත් එද­වස පැතුම් පුරා
අද නැති එවැනි උව­සුන් සෙන­හ­සුන් අරා
කැඳ­වති පරි­ස­රය අනි­යත දසුන් කරා

හාතා­ගොඩ විම­ල­සිරි


නම­දිමු

මිස්සක අරණේ තුරු­ලිය අතු පතරේ
වන මල් පිපුණා පැහැ­සර හිරු සෙවණේ
මිග­වග සරණා පව­සින් නැහැ තැවුණේ
විල්දිය පිරුණා පියු­මන් නෑවෙන සේ

සියක් දහ­සක් ආලෝ­කය හමුවේ
කහ­වත් පින්වත් බුදු­පුතු රජ දැක්මේ
ගිනි ගත් හද­වත් වැලි­කැට වන් පොළොවේ
දහ­මක් සිසි­ලක් හිමි ඔබ­ගෙනි පැතුවේ

බුදු වද­නක් පෙර නෑසූ දනන් එදා
මුදු වද­නින් ඇමතූ සැනසු සමිඳා
සුළු ඇත් පද සුතු­රෙන් රට නැළ­වූදා
සාදු සාදු නම­දිමු හිමි සරණ පතා

ගොංගි­තොට සරත්


දහම් දිව­යින

නර­නිඳු දෙවන පෑතිස් රජ දවස එදා
අනු­දුබු මිහිඳු හිමි වැඩි දම් සුවඳ විදා
පර­සිදු මිහි­න්තල වත­ගොත මතක සදා
හෙළ­බොදු දනන් සම­රති බැති­බ­රව පුදා

දෙස­මින් දහම් හිමි­සඳ පෑතිස් රජුට
දව­මින් පවිටු සිති­විලි බර­වුන පවට
ගනි­මින් රජුනි සහ පිරි­වර බොදු මගට
දහ­මින් මිහිඳු හිමි සෙත සැල­සුනි රටට

අනු­බුදු මිහිඳු හිමි ගෙන වැඩි දම් සාර
හෙළ­දැස ඔප­කලා දහ­මින් තිර­සාර
එක­මුතු දමින් බැඳි නිති දන පිංසාර
මහ­වැව් අමුණු බැඳි රට වුනි සරු­සාර

උප­වැදි පැවිදි සැම සම­ගිව රොද බැදුනී
දාගැබ් බුදු මැදුරු රට­වට ගොඩ නැගුනී
අම්බ­ස්ත­ලෙන් සුපු­රුදු මුණි බණ ඇසුනී
මහ සෑ මිහි­න්තල සඳ කිර­ණට තෙමුනී

ටී. ඇම්. පොඩි­රා­ල­හාමි


දහම් දිව­යින

ගඟ අහ­සින් තර­ණය කර දැකු­මට අඩ­තල ගිරි පිමි
සඟ පිරි­සක් සමඟ වැඩිය පොසොන් දිනේ අනු­බුදු හිමි
වග පවසා තිස්ස රජුට පිළි­තුරු අඹ පැන­යෙන් නිමි
වග ඇසු­රිනි පොහෝ දිනේ මහ­ර­ජුගේ දඩ­කෙලි බැමි

චුල්ල හස්ති පදුම සුතුර දෙස­මින් රජ පිරිස වෙතට
එල්ල වුණේ තෙරු­වන් ගුණ පහ­ද­වන විට බලය සිතට
රැල්ල වගේ තුටු කඳු­ලැලි ගල­මින් සැම දෙනගෙ නෙතට
මෙල්ල වුණු බොදු­වන්වී පා සිල්ගෙන කුළුණු සිතට

ඇර­යුම ලැබ පසු­දි­නයේ සඟ පිරි­සම රජු නිවසේ
නර­පති හා පිරිස වෙතට මිහිඳු සමිඳු බණ පැවසේ
නිරයේ දෙව්ලොව පව­පින අනුලා අස­මින් දවසේ
තිර අධි­ටන් ගෙන සසුනේ මග­ඵල ලැබුවා සුවසේ

බුදු හිමි තෙව­රක් වැඩි දින සිරි­ලක බුදු­රැස් දිලුනා
මදු­ර­ස­දම් සුවය ලැබී හැම දන­ගෙම හිත ඇලුනා
බොදු හෙළ රට­කට මෙහෙ­වර කර ඇති කර හද කුලුනා
සිදු වූ අසි­රි­යට පොහෝ අද දින බොදු කොඩි සැලුනා

ගුරු දෙවි මොග්ග­ලී­තිස්ස හිමිගේ මෙත් අනිත් පැතූ
ගරු කොට එව් පිරිස සමග වැඩියා අනු­බු­දුන් පුතූ
හිරු මෙන් බැබලු සසු­නකි ලැබුනේ ගුණ දහම් එතූ
උරු­මය අප­හට ලැබුනේ ගෞතම හිමි මෙතින් පැතූ

මුණ­සිංහ නිශ්ශංක


පොසොන් පෝ දා


අම්ඹ­ස්ථ­ල­යට පායපු සඳ අනු­බුදු සමි­ඳුනි
රුවන් වැලිය සෑ මළු­වට ඒ රැස් විහි­දුනි
උඩ මළුවේ වැලි මළුවේ කිරි සුද දිලි­සුනි
ජය සිරිමා බෝ සමි­ඳුන් සිසිල බෙදා දුනි

කලා වැවේ දිය රැලි මත සඳ රැස් දිලි­සුනි
සමාධි පිළිමේ කරුණා ධාරා වෑ හුණි
සඳ­කඩ පහනේ ලිය­වැල් මත රස වෑහුණි
අවු­කන බුදු රුව දකින්න පින් සිත් පෑදුනි

පෑතිස් නිරි­ඳුන් එද­වස ඇසුවෝ බණ පද
සිව් පිරි­සක් හෙළ දෙර­ණට උරුම කළෝ සොඳ
දහම් දීප­යක් විල­සින් පොබ­කළ ඒ සඳ
අඹ­ත­ල­යට පායපු සඳ අනු­බුදු සමි­දුන්

කුසුමා ප්‍රේම­රත්න


මිස්සක පින්බිම

හිස කඳු මුඳු­නක තොරණ බැදේවී
සුපු­රුදු දන් පින් ඉහළ ඇදේවී
අනු­බුදු ගුණ නැණ සිතෙහි ‍රැදේවී
පිරි­සුදු දහ­මෙන් රට ම හැදේවී

නිද­හස් විමනේ මවු­රට ජාතිය
සඳ­රැස් වතුරේ අනු­බුදු ජෝතිය
බුදු­රැස් විහිදා අඹ­තල චේතිය
අද­හස් උපදී සම්බුදු නීතිය

ඇත් පද උවමේ සද­හම් රාවය
අත් විඳ සැන­සුණු ලොවු­තුරු ජීවය
සිත් මල සුපි­පෙන සුමි­හිරි තාවය
මෙත් සවි සුව­යකි සැල­සුණු සේවය

මන්දිර සද­හම් සම්බුදු පිළි­මය
සුන්දර නිමැ­වුම් නිමැ­වුව උරු­මය
පින්බර සිතු­විලි සුජ­නිත දැනු­මය
මන්දිර නොනගී දෙලොව ම දිනු­මය

පත පොත ලියැ­වුණු අකුරු රටා­වයි
සත­රක දිනුමේ දැනුම වැඩී­මයි
පරි­ණත පිරු­වන ඉගෙන ගැනී­මයි
ගත සිත නිවුමේ දැහැමි ලතා­වයි

අනුලා දේවිය දැය දිනු පො‍රණේ
සලසා ‍සදහම් නිසි රැක වරණේ
වනිතා නිද­හස සිරි­ලක් දෙරණේ
ජනතා දිනු­මකි අනු­බුදු සරණේ

දන් පින් අග­යන දහ­මට පෝසත්
කන් දෙන ජනතා යහ­මග යෑමක්
රන් දද සව­නක් රැස් මැද සේසත්
පන් සිල් එසැවේ ගුණ නැණ බෝසත්

නුව­ණැති අඹ පැන විස­ඳුව අන්දම
නර­පති දිනු­මකි තෙරු­වන් වැන්ද­ම‍
ගඟ බැති ගලනා ජන­රැලි හින්දම
සදැ­හැති අර­ණකි මිස්සක පින්බිම

නන්ද­සේන පලි­හ­ක්කාර

Comments