
අද (16) සවස 5වන විට මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙකු හමු වී ඇති බව සෞඛ්‍ය බලධාරින් පවසයි.
මෙම ආසාදිතයින් පස් දෙනා නාවික හමුදා සාමාජිකයින් බව සඳහන් වේ.
ඒ අනුව මෙරටින් හමු වී ඇති මුළු කොරෝනා ආසාදිතයින් ගණන 1913 කි.
අද දිනය තුළදී මේ දක්වා හමුවී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 8 කි.
මේ වන විට වෛද්‍ය අධික්ෂණය යටතේ රෝගීන් 531ක් සිටින අතර සුව වු පිරිස 1371 කි.