
වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබළුන් පිරික් නිරෝධායනය සඳහා අද (21) ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ පිහිට වූ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.
නාවික හමුදා බස් රථ 05 කින් නාවික සෙබළුන් 82 ක් ගල්කිරියාගම නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
සිවිල් ආරක්ෂක උසස් පුහුණු පාසල් භූමියේ කොටසක මෙම නිරෝධායන මධ්‍යස්ථානය පිහිටුවා ඇති අතර විශේෂයෙන් සැකසූ ශාලා 03 ක මෙම සෙබළුන් පිරිස අද සිට දින 14 ක් නිරෝධායනට යොමු කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.
නිරෝධායනයට ලක්ව නාවික සෙබළුන් සිටින කලාපය වෙනම පවත්වාගෙන යමින් සිවිල් ආරක්ෂක කඳවුරේ රාජකාරියේ නිරත සෙබළුන් හා එම කලාපය අතර සම්බන්ධතාවය දුරස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් මේ වනවිට ලබා දී අවශ්‍ය පියවර ගෙන ඇති බවත් පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.