සුවය ලැබු සමස්තය 283ක් | සිළුමිණ

සුවය ලැබු සමස්තය 283ක්

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 33 දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මෙම නාවික පුද්ගලයින් සියලු දෙනාම කොවිඩ්-19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රථිකාර සඳහා රෝහල් වෙත යොමු කර සිටි අයයි.

ඒ අනුව එම රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටිය දී වරින් වර සිදු කල පීසීආර් පරීක්‍ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුළ නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.‍

මෙම නාවික හමුදා පුද්ගලයින් 33 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 283 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලූම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

Comments