
ගාල්ල මුහුදේ සිදුකළ මෙහෙයුමකදී රුපියල් මිලියන 1180 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කලේ, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් එක්ව සිදුකල මෙහෙයුමකදි මෙම මත්ද්‍රව්‍යය සොයා ගැනීමට හැකි වූ බවයි.
එම මත්ද්‍රව්‍ය තොගයට හෙරොයින් කිලෝග්‍රෑම් 68ක් සහ ක්‍රිස්ටල් මෙත් කිලෝග්‍රෑම් 50ක් අයත්ව ඇත.
මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.