කොරෝනා සුව වූ කතකට යළි කොරෝනා | Page 2 | සිළුමිණ

කොරෝනා සුව වූ කතකට යළි කොරෝනා

කොරෝනා ආසාදනය වී සුවය ලැබූ කාන්තාවකට නැවතත් කොරෝනා ආසාදනය වී ඇතැයි, සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි.

ඇය කුවේට්හි සිට පැමිණි 36 හැවිරිදි කාන්තාවකි.

ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, ඊයේ අනුරාධපුර රෝහලේදි කළ PCR පරීක්ෂණයෙන් පසු මෙය තහවුරු වී ඇති බවයි.

අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව ප්‍රතිකාර සඳහා ජාතික බෝවන රෝග විද්‍යාතනයට යොමු කර ඇතැයි ද, සමරවීර පැවසී ය.

ඔහු සඳහන් කළේ, අදාළ කාන්තාව ඇසුරු කළ පිරිස් වෙත වෛරසය ආසාදනය වී ඇත්දැයි, පරීක්ෂා කරන බවයි.

බාහිර පාර්ශවවලට එම කාන්තාවගෙන් වෛරසය පැතිරීමේ අවදානමක් නොමැති බව ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසී ය

Comments