සුවය ලැබු ගණන 1500 ඉක්මවයි | සිළුමිණ

සුවය ලැබු ගණන 1500 ඉක්මවයි

අද (22) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 28 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1526 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගතවු දින දෙක තුළ මෙරටින් කිසිදු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 1950 ක්. 

Comments