දිනක වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 135 - Update | Page 3 | සිළුමිණ

දිනක වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 135 - Update

Update - 21.56

තවත් කොරෝනා ආසාදිතයින් 39 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 135ක් දක්වා ඉහළ යනු ඇති.

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ද මෙය වේ.

ආසාදිතයින් 135 දෙනාගෙන් 127 දෙනෙකුම කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිස් වන අතර ඉතිරි 8 දෙනා නාවික හමුදා සාමාජිකයින් ය.

මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 1317ක් දක්වා වැඩි වී තිබේ.

අද දිනය තුළ පමණක් ආසාදිතයින් 96ක් - Update

තවත් කොරෝනා ආසාදිතයින් 69 දෙනෙකු හඳුනා ගැනීමත් සමග අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 96ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම අසාදිතයින්ගෙන් 88 දෙනෙකු කුවෙට් සිට මෙරටට පැමිණි පිරිසක් වන අතර ඉතිරි ආසාදිතයින් 8 දෙනා නාවික හමුදා සාමාජිකයින් අතරින් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1278 දක්වා ඉහළ යනු ඇති.

Comments