කොරෝනා ආසාදිතයින් ගණන 916ක් දක්වා ඉහළට | Page 19 | සිළුමිණ

කොරෝනා ආසාදිතයින් ගණන 916ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 916ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද (14) පස්වරු 04.45 වන විට තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

මෙම ආසාදිතයා වැලිසර නාවික හමුදා කඳවුරේ රාජකාරි කළ සෙබලෙකු ඇසුරු කළ පුද්ගලයෙකු බව හදුනාගෙන ඇත.

එමෙන්ම වෛරසය ආසාදනය වී සිට සුවය ලැබු 63දෙනෙකු අද දිනයේ රෝහල්වලින් පිටව ගියේය.

ඒ අනුව මේ වන විට රෝහල්ගතව‍ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 462 ක් වේ.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ මේ වන විට 445දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.

Comments