
පොළොන්නරුව ප්‍රදේශයෙන් අද වාර්තා වූ කොරෝනා වෛරසය ආසාධිත රෝගියා වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ සෙබලෙක් බව තහවුරු වී ඇතැයි නාවික හමුදාව පවසයි.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කලේ, මෙලෙස කොරෝනා වෛරසය වැලදී ඇති සෙබලා වැලිසර නාවික හමුදා කඳවුරේ විදුලි හා විද්‍යුත් අංශයේ සේවය කරනු ලැබූ 32 හැවිරිදි පුද්ගලයෙක් බවයි.
මෙම සෙබලා ඉකුත් අප්‍රේල් මස 17 වෙනිදා කඳවුරේ සිට නිවාඩු ලබා පොළොන්නරුව, පුලස්තිගම ප්‍රදේශයේ පිහිටි සිය නිවස බලා ගොස් ඇති අතර එහිදී ඇතිවූ අසනීප තත්ත්වයක් මත අප්‍රේල් 20 වෙනිදා රෝහල් ගතව ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.
එලෙස රෝහල් ගත කළ නාවික හමුදා සෙබලාට කොරෝනා වෛරසය වැලදී ඇති බවට අද සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු වී තිබේ.
ඒ අනුව මෙම නාවික සෙබලා සේවය කළ වැලිසර නාවික හමුදා කඳවුර තුල විශේෂ සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවලක් මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.
ඊට අමතරව එම සෙබළාව කඳවුරු භූමියේදී සමීපව ඇසුරු කළ පුද්ගලයින් කවුරුන්ද යන්න මේ වන විටත් සොයා බලමින් සිටින අතර අවශ්‍ය සියලු සහයෝගය සෞඛ්‍ය බලධාරීන් වෙත ලබා දෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කලේය.
එමෙන්ම මෙම සෙබළාට කොරෝනා වෛරසය වැළදුණු ආකාරය ගැන මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.