පියවර කීපයක් යටතේ අධිකරණ කටයුතු ඇරඹේ | සිළුමිණ

පියවර කීපයක් යටතේ අධිකරණ කටයුතු ඇරඹේ

ලබන 11 වැනිදා සිට පියවර කිහිපයක් යටතේ අධිකරණ කටයුතු ආරම්භ කරන බව අධිකරණ සේවා කොමිෂන් සභාව පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සකස් කර ඇති විශේෂ චක්‍රලේඛයකට අනුගත වෙමින් රජය විසින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් අධිකරණ සේවා කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි.

ඒ අනුව අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ පවතින මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණයන්හි සේවා කටයුතු 11 වැනිදා සිට ආරම්භ කෙරෙනු ඇති.

නමුත් පෙර පැවති ක්රිමවේදය යටතේ නොව රජය විසින් නිකුත් කරනු ලබන උපදෙස් අනුව පියවර කිහිපයක් යටතේ අධිකරණ සේවා කටයුතු ආරම්භ කිරීමට නියමිත බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ වන විට සියලු අධිකරණ පරිශ්‍රයන් විෂබීජහරණයට ලක් කර ඇති අතර එම ස්ථාන විවෘත කිරීමට අවශ්‍ය සියලු විධිවිධාන සකස් කර ඇති බව සඳහන්.

විනිසුරුවරුන් මහේස්ත්‍රාත්වරුන් සහ නීතීඥවරුන් ඇතුළු අධිකරණ සේවයට අදාළ සියලු නිලධාරීන්ට අනුගමනය කළ යුතු සෞඛ්යත ආරක්ෂිත උපදෙස් මාලාවක් මේ වන විට සකස් කර ඇති බව ද අධිකරණ සේවා කොමිෂන් සභාව පැවසුවේය.

Comments