
තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් ඊයේ(08) රාත්‍රී 11.45 වන විට වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 835 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එසේම ඊයේ උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් සුවය ලැබු අතර ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 240 ක් දක්වා ඉහළ ගොස් ඇත.