යුරෝපය තවත් කොරෝනා අවදානමක | සිළුමිණ

යුරෝපය තවත් කොරෝනා අවදානමක

යුරෝපයේ රටවල් යළි කොරෝනා රැල්ලක අවදානමකට මුහුණපා සිටින බව විදෙස් වාර්තා පවසයි.

ඒ, ස්පාඤ්ඤයේ යළිත් වරක් කොරෝනා රෝගීන් දිගින් දිගටම වාර්තාවීමත් සමගයි.

ඒ අනුව බි‍්‍රතාන්‍යයද තීරණය කර ඇත්තේ ස්පාඤ්ඤයේ සිට පැමිණෙන සංචාරකයින්ට නව සීමා පැනවීමටයි.

ඒ අනුව ඔවුන්ට දින 14 ක නිරෝධායනයක් අනිවාර්ය කර තිබේ.

ජර්මනියද පවසන්නේ සිය රට තුළ යළි කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ ඉහළ අවදානමක් පවතින බවයි.

ජනතාවගේ නොසැලකිල්ල ඊට හේතුවක් බවටද ජර්මනියේ මහජන සෞඛ්‍ය ආයතනය පවසයි.

ගත වූ සතියක කාලය තුළ පමණක් අලූතින් රෝගීන් 3,611 ක් වාර්තාවීමත් සමග මුඛ ආවරණ පැළදීම, සමාජ දුරස්ථභාවය සහ නිරෝධායන රීති රකින ලෙසට ජනතාවට යළි දැනුම්දීමට ජර්මනියට සිදුවිය.

වෛරසයේ ව්‍යාප්තිය වැඩි වශයෙන් සිදුවන ස්පාඤ්ඤයේ ප‍්‍රාන්ත 3 ක සිට පැමිණෙන සංචාරකයින්ට ජර්මනියට ඇතුල්වීම තහනම් කිරීමටද දැනටමත් පියවර ගෙන අවසන්.

මේ අතර ලෙබනනයටම බලපාන පරිදි සති 2 ක කාලයක් සදහා යළි ලොක්ඩවුන් සීමා පැනවීමට ද එරට බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව ආගමික ස්ථාන, සිනමා ශාලා, මත්පැන් අවන්හල්, රාතී‍්‍ර සමාජ ශාලා, කී‍්‍රඩා ඉසව් සහ ජනාකීර්ණ වෙළද සැල්ද වසා දැමීමට ලෙබනන් බලධාරීන් තීරණය කර තිබේ.

 

Comments