
ජර්මනියේ පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිතයින් 5,323 ක් වාර්තා වී තිබේ.
ඒ අනුව මේ වනවිට එරට තහවුරු කරගත් මුළු ආසාදිතයින් සංඛ්‍යාව 113,525ක් බවට පත්වී ඇතැයි බෝවන රෝග පිළිබඳ රොබට් කෝච් ආයතනය පෙන්වා දෙයි.
කොරෝනා වයිරසයෙන් ජර්මනියේ පුද්ගලයින් 3,373ක් මියගොස් ඇති අතර පසුගිය පැය 24 තුළ මියගිය සංඛ්‍යාව 266 කි.
රොබට් කෝච් ආයතනය පවසන්නේ ජර්මනියේ රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව මරණ සංඛ්‍යාව ඉතා අඩු බවයි.
ජර්මනියේ මරණ අනුපාතය සියයට එකකට වඩා අඩු මට්ටමක පවතින අතර එය අසල්වැසි යුරෝපීය රටවලට වඩා බෙහෙවින් අඩුය.
ඔවුන් පෙන්වා දෙන්නේ අසල්වැසි ඉතාලියේ මරණ අනුපාතය සියයට 11 ක් තරම් ඉහල අගයක් ගන්නා බවයි.
වයිරස ආසාදිතයන් සොයා සිදුකරන පරීක්ෂණ පුළුල් කිරීමට ජර්මන් රජය ගත් තීරණයට අනුව වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන බව පැවසේ.
වෙනත් ඕනෑම යුරෝපීය රටකට වඩා ජර්මනියේ හොඳ සෞඛ්‍ය පද්ධතියක් පවතින බවත් එය වසංගයකට මුහුණ දීම සඳහා ශක්තිමත් කර ඇති බවත් රොබට් කෝච් ආයතනය පවසයි.
ජර්මන් රජය පවසන්නේ මේ වනවිට ක්‍රියාත්මක වන අගුලු දැමීමේ ක්‍රියාවලිය අවම වශයෙන් අප්‍රේල් 20 දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි.
(රොයිටර්)