
ලංකාවේ සියලුම බන්ධනාගාරවල රැඳවියන් බැලීම නැවත දැනුම් දෙනතුරු අද ( 8) සිට අමුත්තන්ට තහනම් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසයි.
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකුට කොරෝනා අසාදනයවීමෙන් පසු ඊයේ දිනයේදී වැලිකඩ බන්ධනාගාරයේ පමණක් රැඳවියන් බැලීම තහනම් කලේය.
ඒ අනුව අද සිට යළි දැනුම් දෙන තුරු සියලුම බන්ධනාගාර රැඳවියන් බැලීම අමුත්තන්ට තහනම් කර ඇත.