
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් නිරෝධායනය සඳහා වෙනම මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අවධානය යොමුව තිබේ.
පොලීසිය සඳහන් කළේ, එම පුද්ගලයින්ගේ දත්ත රැස් කිරීම ආරම්භ කර ඇති බවයි.
I
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් හේතුවෙන් කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් මතුව ඇතැයි පසුගිය දා සෞඛ්‍ය අංශ අනාවරණය කළේ ය.
ඉන් වැඩි පිරිසක් දිවි ගෙවන්නේ කොරෝනා අවදානම් කලාපවලය.
ඒ අනුව බස්නාහිර පළාත තුළ පමණක් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 63,000 ක් පමණ දිවි ගෙවන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පැවසීය.