දකුණු පළාත් සියලු රාජ්‍ය ආයතන හෙට සිට විවෘතයි | සිළුමිණ

දකුණු පළාත් සියලු රාජ්‍ය ආයතන හෙට සිට විවෘතයි

දකුණු පළාත් සභාවට අයත් සියළුම රාජ්‍ය ආයතනවල කටයුතු ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු  හෙට (20) සිට ආරම්භ කිරිමට අවශ්‍ය මුලික පියවර ගන්නා ලෙස දකුණු පළාත්  සභාවට අයත් සියළුම අමාත්‍යාංශයන්හි ලේකම්වරුන්වෙත උපදෙස් ලබාදුන් බව දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් දිලීකා කුඩාච්චි පැවසුවාය.

ඒ අනුව පළාත් සභාවේ සියළුම රාජ්‍ය ආයතනවල නිලධාරින් සහ කාර්ය මංඩලයෙන් සියයට 50 ක ප්‍රමානයක් හෙට (20) සිට සිය රාජකාරිය සඳහා කැදවන ලෙස දන්වා තිබේ.

ඇඳිරි නීති කාල සීමාව තුලදි පවා දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ කටයුතු පවත්වාගෙන ගිය බව සඳහන් කරණ ආණ්ඩුකාර ලේකම්වරිය පළාතේ මහජනතාව මුහුණපාන ප්‍රශ්න ගැටළු සම්බන්ධයෙන් ආණ්ඩුකාර කාර්යාලය දැනුම්වත් කිරීම සඳහා පැය විසි හතර පුරාම ක්‍රියාත්මක දුරකතන දෙකක් හඳුන්වා ඇති බවද පැවසුවාය.

දකුණු පළාත් සභාවට අයත් සියළුම රාජ්‍ය ආයතන සතියට දින පහක් විවෘතව තැබෙන අතර හෙට (20) සිට මහජනතාවට සිය රාජකාරි අවශ්‍යතා නොකඩවා එම කාර්යාලවලින් ලබා ගත හැකි බවද ආණ්ඩුකාර ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.

Comments