
කොරෝනා විෂබීජහරණ කටයුතු සඳහා එතනෝල් ලීටර් 08 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ලබාදී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් ලබා දී ඇති එතනෝල් ප්‍රමාණය, ලීටර් 62,785 කි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ, ආරක්ෂක අංශ සඳහා ලීටර් එක් ලක්ෂ අනූ හයදහස් හැටක් ඇතුළුව විවිධ ආයතනවලට එතනෝල් ලබා දී ඇති බවයි.