
අද (14)පෙරවරු 6.00ට අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතීය උල්ලංඝනය කළ 1,606 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇඳිරි නීතිය කඩකිරීමෙන් මේ වන විට අත්අඩංගුවට ගත් පිරිස 26,600කි.
එම කාලය තුළ රථ වාහන 373ක් සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.
ඒ අනුව පසුගිය 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 26,637 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 6799ක් පොලිසිය භාරයට ගෙන ඇත.
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පසුගිය 20 වනදා සිට දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමට රජය පියවර ගෙන තිබුණි.