නිවසේ සිට වැඩකරන කාලය දීර්ඝ කෙරේ | සිළුමිණ

නිවසේ සිට වැඩකරන කාලය දීර්ඝ කෙරේ

කොරෝනා මර්දන වැඩසටහනේ අංගයක් ලෙස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳහා හඳුන්වාදුන් සේවකයන් නිවසේ සිට වැඩකරන කාලය අප්‍රේල් 20 සඳුදා දක්වා දීර්ඝ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
 
දෙවැනි වාරය සඳහා සියලු පාසල් යළි විවෘත කිරීම දැන් මැයි මස 11, සඳුදාට නියම කර ඇත. 
 
පාසල් නොපවැත්වෙන කාලය තුළ හැකි සෑමවිටම ශිෂ්‍ය ශිෂ්‍යාවනට දුරස්ථ අධ්‍යාපන පහසුකම් සැලසේ.
 
වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.
 
සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් 16 බ්‍රහස්පතින්දා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ.
 
මේ දිස්ත්‍රික්කවල උදේ 6.00ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 4.00ට යළි පනවනු ඇත.

Comments