
කොවිඩ් - 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට ඉහළ ජනතා දායකත්වයක් ලැබෙන බවත් එම අරමුදලේ එකතුව පසුගිය සිකුරාදා වන විට රුපියල් මිලියන 609ක් (කෝටි61ක් පමණ) ඉක්මවා තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක අන්තර්ජාතික ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය වල්පොළ පියනන්ද හිමිගේ ඉල්ලීම මත වියට්නාම ඇමරිතකන් බෞද්ධ සංගමයේ සභාපති තික් වීන් ලී හිමියන් විසින් ඇමරිකන් ඩොලර් 15000ක්ද විශ්‍රාමික පාසල් ගුරුවරයකු වන නුගේගොඩ සරත් කුමාර ගුරුසිංහ විසින් අප්‍රේල් මාසයට හිමි ඔහුගේ විශ්‍රාම වැටුප අරමුදලට පරිත්‍යාග කළ අතර දෑසම අහිමි උයනහේවගේ අශෝක ද තමා සතු රුපියල් ලක්ෂ 5ක මුදලක් මේ අරමුදලට පරිත්‍යාග කරන ලදී.
එසේම අත්‍යවශ්‍ය ආහාර වෙළෙඳ භාණ්ඩ ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය පරිත්‍යාග කළ රුපියල් මිලියන 25ක් අමාත්‍ය චමල් රාජපක්ෂ ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරිත්‍යාග කළ රුපියල් මිලියන 25ක් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ සභාපති ශම්මි සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සහ ලසිත් මාලිංග යන මහත්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දුන්හ.