
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගත රෝගය ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව පසුගිය සිකුරාදා හවස් වන විට 190ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර රෝගය උත්සන්න වීමෙන් මිය ගිය සංඛ්‍යාව 7ක් ලෙස වාර්තා විණි.
එමෙන්ම මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇති සංඛ්‍යාව 54ක් වන අතර 129 දෙනකු අයිඩීඑච්, අංගොඩ හා වැලිකන්ද රෝහල්වල ප්‍රතිකාර ලබති. එසේම නිරෝධායන මධ්‍යස්ථානවල සිට නිරෝධායනය නිම කර පිටව ගොස් ඇති සංඛ්‍යාව 3496ක් වන අතර නිරෝධායන මධ්‍යස්ථාන 12ක තවමත් නිරෝධායනය වන පිරිස 1347කි. එසේම ආසාදිතයින් යැයි සැක සහිතව රෝහල්හි සිටින පුද්ගලයින් සංඛ්‍යාව 224කි.
සිකුරාදා වන විට ලොව පුරා ලක්ෂ 17කට ආසන්න පිරිසක් පමණ රෝගයට ගොදුරුව සිටි අතර 95731ක් මියගොස් තිබුණි.
චීනය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත් වෙද්දී ඇමරිකාවේ රෝගයට ගොදුරු වන සංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබේ, ශ්‍රී ලාංකිකයන් 5 දෙනකුද මේ වන විට විදේශ රටවලදී රෝගයට ගොදුරුව මියගොස් තිබේ.