ඉන්දීය ඇමතිවරුන්ගේ වැටුපෙන් 30%ක කප්පාදුවක් | සිළුමිණ

ඉන්දීය ඇමතිවරුන්ගේ වැටුපෙන් 30%ක කප්පාදුවක්

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ඇතුළු කැබිනට් අමාත්‍යවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ වැටුප 30% කින් කප්පාදු කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කැබ්නට් මණ්ඩල ප්‍රකාශකවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ පිළිබඳව වාර්තා කළේ ය.

ඒ අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී, ජනාධිපති රාම් නාත් කෝවින්ද් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙන්ම ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ගේ වැටුප් 30% කින් කප්පාදු කෙරෙනු ඇති.

සති 3 ක කාලයක් ඉන්දියාව සම්පූර්ණයෙන්ම වසා දැමීම හේතුවෙන් ඉන්දියාවේ බහුතරයක් ආර්ථික වශයෙන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇත.

බොහෝ දෙනෙකු පීඩාවට පත්ව ඇති පසුබිමකදී වැටුප් කප්පාදුව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 

Comments