
ජාඇල, පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් නිරෝධායනයට ලක් කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, පමුණුගම, දෑලපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් පොලිස් ස්ථානයේ නිලධාරීන් නිරෝධායනයට ලක් කළ බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට පොලිස් ස්ථානය තුළ රෝගාතුර වී රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහුට කොරෝනා අසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
ඒ අනුව පමුණුගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 30 දෙනෙකු පමණ නිරෝධායනයට ලක් කරන බව පොලීසිය සඳහන් කළේ ය.
උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, පොලිස් නිලධාරීන් පිරිසක් පොලිස් ස්ථානය තුළම ස්වයං නිරෝධායනයට ලක් කළ බවයි.
මේ වනවිට පමුණුගම පොලිස් ස්ථානය ද විෂබීජ හරණයට ලක් කර තිබේ.