
අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 1264 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 325 කි.
පසුගිය 20 වැනිදා සිට අද උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය කඩ කළ 10,730 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 2,657 කි.