රට වෙනුවෙන් යුතුකම කළ පියෙක් | සිළුමිණ

රට වෙනුවෙන් යුතුකම කළ පියෙක්

සිය වැඩිමහල් දියණිය මිය ගියත් නිරෝධායනයෙන් ඉවත් නොවී රට වෙනුවෙන් තම යුතුකම ඉටුකළ පියෙක් පිළිබඳව අවිස්සාවේල්ල ඇස්වත්ත පෙදෙසින් වාර්තාවේ.

සංචාරකයන් ගෙනයන බස් රියැදුරෙකු ලෙස කටයුතු කරන අවිස්සාවේල්ල ඇස්වත්ත පදිංචි නිරෝශ් මංජුල මහතා මේ ආදර්ශය රටට දී තිබේ.

විදෙස්ගතව සිට පැමිණි පිරිස් හා  සංචාරකයන් ඇසුරු කළ පිරිස් ස්වයං නිරෝධායනයට ලක් වන්නැයි රජය කළ ඉල්ලීම අනුව නිරෝෂ් මහතා ඉකුත්( 24) වැනිදා තමන්ට අයත් හුදකලා නිවසක ස්වයං නිරෝධායනයට ලක්ව ඇත.

මේ අතර අසනීපයෙන් සිටි ඔහුගේ 9 හැවිරිදි දියණිය වන තනුෂි පබසරා මිය ගොස් ඇති නමුත් ඔහු එම අවමඟුලට සහභාගි නොවී නිරෝධායනය වන ස්ථානයේ රැදී  සිට තිබේ.

ඔහු පවසා ඇත්තේ මේ අවස්ථාවේ රට වෙනුවෙන් තමන් මෙම බරපතල තීරණය ගන්නා බවය.

රටත් ජාතියත් ගැන කිසිදු හැඟීමකින් තොරව කටයුතු කරමින් රටම අවදානමකට දමන පිරිස් මැද මෙම පියා ගත් තීරණය ශ්‍රේෂ්ඨ තීරණයක් බව සෞඛ්‍ය අංශ පවසති.

 

Comments