ඇඳිරි නීතිය කඩ කළ 4018ක් අත්අඩංගුවට | Page 3 | සිළුමිණ

ඇඳිරි නීතිය කඩ කළ 4018ක් අත්අඩංගුවට

පොලිස් ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 4018 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 20 වැනි දා සවස 6.00 සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර යතුරු පැදි සහ ත්‍රිරෝද රථ ඇතුළු රථ වාහන 1033 ක් ද පොලීසිය භාරයට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.

ඊයේ උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ පමණක් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 533 ක් බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

එම කාලය තුළ වාහන 98 ක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.

 

Comments